Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton ජාතික බැඩ්මින්ටන් සංචිත නම් කරයි

ජාතික බැඩ්මින්ටන් සංචිත නම් කරයි

editorial - 2023 මැයි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ජාතික සහ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් පසුවන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත බැඩිමින්ටන් ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ ජාතික සංචිත නම් කිරීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය පියවර ගෙන තිබේ.

නම් කරනු ලැබ ඇති ජ්‍යෙෂ්ඨ පිරිමි බැඩ්මින්ටන් සංචිතයේ කේවල කොටසට ක්‍රීඩකයන් 6 දෙනකු සහ යුගල කොටසට ක්‍රීඩකයන් 28 දෙනකුද, ජ්‍යෙෂ්ඨ කාන්තා බැඩ්මින්ටන් සංචිතයේ කේවල කොටසට ක්‍රීඩිකාවන් 5 දෙනකු සහ යුගල කොටසට ක්‍රීඩිකාවන් 30 දෙනකුද ඇතුළත්ව සිටිති.  

ජාතික ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවන ලෝචන ද සිල්වා සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල සිව්වැනි ස්ථානයත්, අවුරුදු 19 න් පහළ කනිෂ්ඨ ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානයත් හිමිකරගෙන සිටින ආශිංස හේරත් කේවල සහ යුගල සංචිත ද්විත්වයටම ඇතුළත් වෙති.

ජ්‍යෙෂ්ඨ කාන්තා ශ්‍රේණිගත කිරීම්වල තුන්වැනි ස්ථානයේ සහ අවුරුදු 19 න් පහළ ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානයේ පසුවන රශ්මි මුදලගේද, ජාතික ජ්‍යෙෂ්ඨ ශ්‍රේණිගත කිරීම්වල 2 වැනි ස්ථානයේ පසුවන ප්‍රවීනා විජේසුන්දරද, ජාතික ජ්‍යෙෂ්ඨ ශ්‍රේණිගත කිරීම්වල පස්වැනි ස්ථානයේ සහ අවුරුදු 17 න් පහළ ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවන රනුමි මානගේද කේවල සහ යුගල කාන්තා සංචිත ද්විත්වයටම ඇතුළත් වෙති.

මීට අමතරව බැඩිමින්ටන් ජාතික සංචිත කමිටුවේ නිර්දේශ මත සෙසු ක්‍රීඩකයන් සංචිතයට ඇතුළත් කර තිබේ. කනිෂ්ඨ බැඩ්මින්ටන් සංචිත සඳහා අවුරුදු 19 න් පහළ ජාතික ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම අවුරුදු 17 න් පහළ සහ අවුරුදු 15 න් පහළ ශ්‍රේණිගත කිරිම්වල ඉදිරියෙන් සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවෝද ඇතුළත්ව සිටිති.


ජ්‍යෙෂ්ඨ සංචිත
කේවල පිරිමි
ලෝචන ද සිල්වා, සවිනක වීරසේකර, ජේසන් හාමර්, ආශිංස හේරත්, විරේන් නෙත්තසිංහ, බුවනෙක ගුණතිලක සහ දුමිඳු අබේවික්‍රම
කේවල කාන්තා
ප්‍රවීනා විජේසුන්දර, රශ්මි මුදලිගේ, වාරංගනා ජයවර්ධන, රනිත්මා ලියනගේ සහ රනුමි මානගේ
පිරිමි යුගල
දිනුර රෂ්මික, ළහිරු වීරසිංහ, හංස ද සිල්වා, යොහාන් වීරසූරිය, සජීඩ් මජීඩ්, මන්තුක රූපතුංග, විෂාන් ප්‍රනාන්දු, දුලාජ් උළුවිටිගේ, හසරංග සූරියආරච්චි, ටී. චාල්ස්, ආශිංස හේරත්, විදූෂ සුමනදාස, අචින්ත්‍ය ඉමේෂ්, පසිඳු පීරිස්, හරිත් රෙෂාන්, අකිඳු ජයතිලක, ලෝචන පෙරේරා, ආර්.පී.එස්. රත්නායක, සංජුල හඳපාන්ගොඩ, තිළිණ රාජකරුණා, ශෙනුක් සමරරත්න, පුළිණ වෙල්ලාලගේ, එන්. රන්දීප, චොනිද ලක්හිරු, ෂමාල් ආකාෂ්, තේජන හේරත්, ජනීෂ ද සිල්වා සහ මිහිල ජයවීර
කාන්තා යුගල
කාවින්දිකා ද සිල්වා, බුත්මි ගලගමගේ, මධූෂිකා දිල්රුක්ෂි, හසාරා විජේරත්න, හසිනි අම්බලන්ගොඩගේ, කාවින්දි සිරිමාන්නගේ, ඉරූෂි අමන්දි, ප්‍රවීනා විජේසුන්දර, රශ්මි මුදලිගේ, නටාෂා ගුණසේකර, එන්. පල්ලියගුරු, සානදී දහම්සා, තිසුනි ලියනාරච්චි, එල්. උමගලියගේ, රනුමි මානගේ, තිසේජා හේරත්, දිනෙත්‍යා ජයන්දි, දෙව්නි උබේසිරිවර්ධන, සඳති දෙව්මිණි, දිලිනි අම්බලන්ගොඩ, සඳරුවි ජයලත්, රලිඳි උමගලිය, ඉසුරි අත්තනායක, සෙතුමි ද සිල්වා, සනුති ගුරුසිංහ, පවනි ඉලේපෙරුමආරච්චි, දිහිනි මෙන්ඩිස් සහ සංජීවකුමාර් ලුක්ෂානා

 

කනිෂ්ඨ සංචිත
බාලක
සචින් ප්‍රනාන්දු, මහේන් විජේසුන්දර, හරිත් රෙෂාන්, තිඩස වේරගොඩ, හිරුක සහන්මිත්, පුළිණ වෙල්ලාලගේ, තිලිණ රාජකරුණා, සෙනුත් සෙත්මිණ, පමුදු රන්දිලිගම සහ තේජන හේරත්
බාලිකා
නෙතංගා පල්ලියගුරු, ඉසුරි ද අල්විස්, සිතුකි ඕනදි, සඳති දෙව්මිණී, දිලිනි අම්බලන්ගොඩ, විෂ්වනී වන්නිආරච්චි, නෙත්මි අමායා රත්නායක, සිතුලි රණසිංහ සහ සංජීවකුමාර් ලුක්ෂානා

 


අදහස් (0)

ජාතික බැඩ්මින්ටන් සංචිත නම් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.