Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ නවතම ශ්‍රේණිගතකිරීම් වලට අනුව මේ මස 2 වැනිදා වන විට ලෝක කණිෂ්ඨ බැඞ්මින්ටන් කී‍්‍රඩකයන් අතුරින් බාලක කේවල ශ්‍රේණිගතකිරීම් වල 33 වැනි ස්ථානය දිනාගැනීමට ශ‍්‍රී ලංකා කණිෂ්ඨ බැඞ්මින්ටන් කී‍්‍රඩක බුවනෙක ගුණතිලක සමත්වී තිබේ.
ශ‍්‍රී ලංකා කණිෂ්ඨ බැඞ්මින්ටන් කි‍්‍රඩිකා තිළිණි හෙන්දහේවා, බාලිකා කේවල ශ්‍රේණිගත කිරීම් වලට අනුව ලෝක කණිෂ්ඨ බැඞ්මින්ටන් කී‍්‍රඩිකාවන් අතර 56 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ.
ඔවුන් දෙදෙනාට අමතරව කමෝද් හැලඹගේ සහ සවින් ඩයස්ද පිළිවෙලින් බාලක කේවල ඉසව්වේ ලෝක ශ්‍රේණිගතකිරීම් වල 73 වැනි සහ 78 වැනි ස්ථාන හිමිකරගෙන තිබේ.
ඉකුත් වසරේ අග භාගයේදී බහරේන්හි ඉසා නගරයේ පැවති බහරේන් කණිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියේදී දැක්වූ දස්කම් අනුව ශ්‍රී ලාංකික කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට මෙලෙස ලෝක කණිෂ්ඨ ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට පැමිණීමට හැකිවී තිබේ.
එම තරගාවලියේදී බුවනෙක ගුණතිලක බාලක කේවල ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් අතර කමෝද් හැලඹගේ සහ සවින් ඩයස් එම ඉසව්වේ ලෝකඩ පදක්කම් දිනාගත්හ. තිළිණි හෙන්දහේවාටද එහිදී බාලිකා කේවල ඉසව්වේ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට හැකිවිය.
ශ්‍රී ලාංකික කණිෂ්ඨ බැඞ්මින්ටන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ මෙම දස්කම් අනුව, එළඹෙන යොවුන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල සදහා ශ‍්‍රී ලංකා නියෝජනයේ සතුටුදායක තත්වයක් සිදු විය හැකි බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික බැඞ්මින්ටන් සංගමයේ සභාපති සුරාජ් දන්දෙනිය මහතා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.