Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton කාන්තා කණ්ඩායම් ශූරතාව සබරගමුවට

කාන්තා කණ්ඩායම් ශූරතාව සබරගමුවට

editorial - 2023 මැයි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(පුෂ්පකුමාර ජයරත්න )

මොරටුව විශ්ව විද්‍යාලයේ බැඩ්මින්ටන් ක්‍රීඩා අංශය මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අන්තර් විශ්ව  විද්‍යාලයීය බැඩ්මින්ටන් තරඟාවලියේදී 2023 වසරේ  කාන්තා කණ්ඩායම්  ශූරතාවය දිනා ගැනීමට සබරගමුව විශ්ව විද්‍යාලයීය බැඩ්මින්ටන් කණ්ඩායම සමත් විය. අවසන් තරඟයේදි සබරගමුව කණ්ඩායම විසින් කොළඹ  විශ්ව විද්‍යාලයීය කණ්ඩායම තරඟ වට 03 - 02 ක් ලෙස පරාජය කරන ලදි.

මීට අමතරව නයනතාරා ටෙෂානී සහ ශාක්‍යා වික්‍රමසිංහ දෙදෙනා කාන්තා යුගළ තරඟයට සහභාගි වෙමින් එහි ශූරතාවයද  සබරගමුව විශ්ව විද්‍යාලයට දිනා දීමට සමත් වූහ.

සබරගමුව විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උදය රත්නායක සහ ක්‍රීඩා විද්‍යාව හා ශාරිරික අධ්‍යාපන අධ්‍යයන අංශ බාර ප්‍රධානී ආචාර්ය සුරාජ් චන්දන මහත්වරුන්ගේ මඟ පෙන්වීම මත ඩයනිඳු ගුණතිලක මහතාගේ පුහුණුව යටතේ සබරගමුව විශ්ව විද්‍යාලය ප්‍රථම වරට මෙම ජයග්‍රහණ හිමිකර ගත්තේය. කණ්ඩායමේ නායිකාව ලෙස හෙෂාරා ජයරත්නද උප නායිකාව ලෙස නයනතාරා ටෙෂානී ද කටයුතු කළහ.

මෙම තරඟාවලියේ තෙවැනි ස්ථානය මොරටුව විශ්ව විද්‍යාලයට හිමි විය.


අදහස් (0)

කාන්තා කණ්ඩායම් ශූරතාව සබරගමුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.