Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton අන්තර්ජාලයෙන් ශාරීරික යෝග්‍යතා පුහුණුව

අන්තර්ජාලයෙන් ශාරීරික යෝග්‍යතා පුහුණුව

editorial - 2021 මැයි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කෙරෝනා වසංගත තත්ත්වය අතරතුරදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ශාරිරික යෝග්‍යතාව අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය අන්තර්ජාලය ඔස්සේ ශාරීරික යෝග්‍යතා වැඩසටහනක් ආරම්භ කර තිබේ.

ජාතික පුහුණුකරුවන් විසින් මෙහෙයවනු ලබන මේ වැඩසටහන සඳහා ජාතික බැඩ්මින්ටන් සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 28 දෙනකු සහ අභියෝගතා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් එක්ව සිටිති. පුහුණු මධ්‍යස්ථානවලදී දෛනික පුහුණුවීම් වෙනුවට සිය නිවෙසේ සිට පුහුණුකරුවන්ගේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහනට සම්බන්ධවීමට ඔවුන්ට අවස්ථාව ලැබී ඇත.

ජාතික සංචිතයේ සහ අභියෝගතා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හැරුණු විට ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද, අම්බලන්ගොඩ සහ මහනුවර සංචිතවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද මෙම වැඩසටහනට එක්විය හැකිය. සෑම සති අන්තයකදීම උදෑසන පැය තුනක කාලයක් පුරා වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

කොඩිඩ් වසංගතයේ ව්‍යාප්තිය මත රජය විසින් පනවනු ලැබූ සංචරණ සීමා හේතුවෙන් පුහුණු මධ්‍යස්ථානවලදී දෛනික පුහුණුවීම්වලට සහභාගි වීමට නොහැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය ශාරිරික යෝග්‍යතාව පවත්වාගෙන යෑම සඳහා මෙම වැඩසටහන ඉවහල් වනු ඇතැයි ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය පවසයි.  


-036


අදහස් (0)

අන්තර්ජාලයෙන් ශාරීරික යෝග්‍යතා පුහුණුව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.