Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විසි එක් වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් මිශ්‍ර කණ්ඩායම් ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට එහි මූලික වටයෙන්ම ඉවත් වීමට සිදුවිය. ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වැදුණ ශ්‍රී ලංකා කණ්ඩායමට මූලික වටයේදී සහභාගි වූ තරග 3 න් ජයගත හැකිවූයේ එක් තරගයක් පමණි.
අද පැවැති මූලික වටයේ තෙවැනි තරගයේදී 4-1 ක් ලෙස පාකිස්තානය පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුවද, ඊයේ පැවැති තරගවලදී ස්කොට්ලන්තය සහ ඉන්දියාව හමුවේ පිළිවෙලින් 4-1 ක් සහ 5-0 ක් ලෙස පරාජයට පත්වීම නිසා ශ්‍රී ලංකාවට තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.
පාකිස්තානයට එරෙහිව පැවැති තරගයේදී ශ්‍රී ලංකාව පරාජයට පත්වූයේ කාන්තා කේවල තරගය පමණි. එහිදී වට 2-0 ක් ලෙස මහූර් ශෙහෙසාඞ් හමුවේ මධුෂිකා දිල්රුක්ෂි පරාජයට පත්වූවාය. සෙසු තරග 4 දීම වට 2-0 ක් ලෙස ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැති තරගය
මිශ්‍ර යුගල
බුවනෙක ගුණතිලක සහ කවිඳි සිරිමාන්නගේ (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස මුහම්මද් ඉර්ෆාන් සහ පාල්වෂා බෂීර් (පාකිස්තානය) පරාජය කරන ලදහ. (21/16, 21/4)
පිරිමි කේවල
දිනූක කරුණාරත්න (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස මුරාද් අලී (පාකිස්තානය) පරාජය කරන ලදි. (21/18, 21/17)
කාන්තා කේවල
මහූර් ශෙහෙසාඞ් (පාකිස්තානය) විසින් වට 2-0 ක් ලෙස මධුෂිකා දිල්රුක්ෂි (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (21/14, 21/18)
පිරිමි යුගල
සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලක (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස මුරාද් අලී සහ මුහම්මද් ඉර්ෆාන් (පාකිස්තානය) පරාජය කරන ලදහ. (21/11, 21/14)
කාන්තා යුගල
තිළිණි හෙන්ඳහේවා සහ කවිඳි සිරිමාන්නගේ (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස මහූර් ශෙහෙසාඞ් සහ පාල්වෂා බෂීර් (පාකිස්තානය) පරාජය කරන ලදහ. (21/7, 21/11)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.