Last Update  :  2024-04-26 17:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton ශ්‍රී ලංකාව 3-2 කින් ඕස්ට්‍රේලියාව පරදවයි
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල

ශ්‍රී ලංකාව 3-2 කින් ඕස්ට්‍රේලියාව පරදවයි

editorial - 2022 ජුලි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය  මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් මිශ්‍ර කණ්ඩායම් ඉසව්වේ ඊයේ (29 වැනිදා) පැවැති තරග වටයකදී ඕස්ට්‍රේලියාවට ‍එරෙහිව තරග 3-2 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

‘ඒ’ කාණ්ඩය යටතේ තරගවදින ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවට ‍එරෙහිව පැවැති තරග වටයේදී පිරිමි කේවල, පිරිමි යුගල සහ මිශ්‍ර යුගල තරග ජයගත් අතර කාන්තා කේවල සහ කාන්තා යුගල තරග පරාජයට පත්විය.

එහිදී වට 2-0 ක් ලෙස පිරිමි කේවල තරගය ජයගත් නිලූක කරුණාරත්න, ඉන් නොනැවතී සචින් ඩයස් සමග එක්ව වට 2-0 ක් ලෙස පිරිමි යුගල තරගයද ජයගත්තේය. සචින් ඩයස් වට 2-0 ක් ලෙස මිශ්‍ර යුගල තරගය ජයගත්තේ තිළිණි හෙන්ඳහේවා සමග එක්ව තරග වදිමිනි.

කෙසේ වුවත් කාත්නා කේවල තරගයේදී වට 2-0 ක් ලෙස පරාජයට පත්වූ සුහස්නි විදානගේ, ඉන් අනතුරුව තිළිණි හෙන්ඳහේවා සමග එක්ව තරග කළ කාන්තා යුගල තරගයද වට 2-0 ක් ලෙස පරාජයට පත්වූවාය.

ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේදී තරග වදින මීළඟ තරග‍දෙක ඉන්දියාවට සහ පාකිස්තානයට එරෙහිව අද (30 වැනිදා) පැවැත්වීමට නියමිතය. එහිදී ලබාගන්නා ජයග්‍රහණ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි ගමන තීරණය වනු ඇත.

තරග ප්‍රතිඵල
පිරිමි ‍කේවල
නිලූක කරුණාරත්න විසින් වට 2-0 ක් ලෙස නේතන් ටැංග් පරාජය කරන ලදි. (21/18, 21/12)

පිරිමි ‍යුගල  
නිලූක කරුණාරත්න සහ සචින් ඩයස් විසින් වට 2-0 ක් ලෙස ට්‍රාන් හෝන්ග් සහ ජැක් යූ පරාජය කරන ලදහ. (21/16, 21/14)

මිශ්‍ර යුගල
සචින් ඩයස් සහ තිළිණි හෙන්දහේවා විසින් වට 2-0 ක් ලෙස යින්ග් සියෑං සහ ග්‍රෝන්යා සමර්විල් පරාජය කරන ලදහ. (21/18, 21/14)

කාන්තා කේවල
වින්ඩි චෙන් විසින් වට 2-0 ක් ලෙස සුහස්නි විදානගේ පරාජය කරන ලදි. (21/10, 21/13)

කාන්තා යුගල
වින්ඩි චෙන් සහ ග්‍රෝන්යා සමර්විල් විසින් වට 2-0 ක් ලෙස තිළිණි හෙන්දහේවා සහ සුහස්නි විදානගේ පරාජය කරන ලදහ. (21/18, 21/14)


අදහස් (0)

ශ්‍රී ලංකාව 3-2 කින් ඕස්ට්‍රේලියාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.