Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව athletics_inner මලල ක්‍රීඩාව විනාශ කරන්නේ පුහුණුකරුවන්

මලල ක්‍රීඩාව විනාශ කරන්නේ පුහුණුකරුවන්

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 08 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාව විනාශ කිරීමේ පෙරගමන්කරුවන් ලෙස පුහුණුකරුවන් හැඳින්විය හැකි බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි.

අද බොහෝ මලලක්‍රීඩා පුහුණුකරුවන් ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව බිල්ලට දී නොයෙකුත් වරප්‍රසාද ලබන තත්වයට පත්ව ඇති බවත් පාසල් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා වූ බොහෝ පුහුණු කරුවන් එම ක්‍රියාවලියට සම්බන්ධ බවත් හෙතෙම පැවැසීය.

ආසියානු මලලක්‍රීඩා සම්මේලනයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා මලලක්‍රීඩා සංගමයේ සභාපති පාලිත ප්‍රනාන්දු මහතා සහ එහි ලේකම් ප්‍රේමා පින්නවල මහතා දැන් ඉන්දියාවේ භුබනේෂ්වර් නුවරට පැමිණ සිටිති. ඒ අතරවාරයේදී ආසියානු ශූරතා මලලක්‍රීඩා තරගාවලිය නිරීක්ෂණය කරමින් පාලිත ප්‍රනාන්දු මහතා ඉහත ප්‍රකාශය කළේය.

අතීතයේදී ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා පුහුණුකරුවන් තමන්ගේ කාලය මෙන්ම ශ්‍රමය වැයකරමින් පෞද්ගලිකත්වය පසෙක දමා ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් උරදුන් බවත් වර්තමානයේ එවැනි පුහුණුකරුවන් ඉතා සුළු වශයෙන් සිටියද, බහුතරය තමන්ගේ වරප්‍රසාද වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිලිදෙන බවත් හෙතෙම පැවසීය.

“මෙම තත්වය ඉතාමත් කණගාටුදායක තත්වයක්....ඒකට හොඳම උදාහරණය තමයි මෙවර ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට පුහුණුකරුවන් 18 දෙනෙකු සහභාගී වීම”

“අපි තරගාවලියට නම්කළේ පුහුණුකරුවන් 6 දෙනායි. නමුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් තමන්ගේ පෞද්ගලික පුහුණුකරුවන් නැතිව එන්න බැහැ කිව්වා. අනෙක් පැත්තෙන් තමන්ගේ ළමයි පිට පුහුණුකරුවන් යටතේ පුහුණුවට සහභාගි කරවන්න බැහැ කිව්වා. අවසානයේ ක්‍රීඩා ඇමැතිවරයා පවා නොමග යවමින් එම ක්‍රීඩක - පුහුණුකරු දෙපක්ෂයම තමන්ගේ ඉල්ලීම් දිනාගත්තා” යයි පාලිත ප්‍රනාන්දු මහතා පැවසීය.

අද පාසල් මට්ටමේ බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බලාපොරොත්තු නැති විදිහට ඇතැම් ඉසව් වලින් ඉදිරියට පැමිණ ඇති හෙයින් ඔවුන්ගේ තොරතුරු ලබාගැනීමට ගියවිට එම තොරතුරු නොදී පලායන තත්වයකට පත්ව ඇති බව පැවසූ මලල ක්‍රීඩා සභාපතිවරයා එසේවන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා විනාශ කරන ‘මාෆියාවක් ’පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රයට රිංගා ගැනීම නිසා බව ඔහු සඳහන් කළේය.

පාසල් ක්‍රීඩා මාෆියාවට සෘජුවම පාසල් මට්ටමේ පුහුණුකරුවන් සහ පාසල් ක්‍රීඩා ගුරුවර ගුරුවරියන්ද වගකිව යුතු බව ඔහු වැඩිදුරටත් පවසයි.

දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විදෙස් පුහුණුව ලබාදීමේ ක්‍රියාවලිය අසාර්ථක බව පැවසූ පාලිත ප්‍රනාන්දු මහතා විදෙස් පුහුණුව ලැබූ බහුතරයකගේ ක්‍රීඩා ජීවිතය විනාශ වූ බවත් ඔහු පැවසීය.

 


අදහස් (1)

මලල ක්‍රීඩාව විනාශ කරන්නේ පුහුණුකරුවන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.