Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ​ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්වෙයි

​ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්වෙයි

editorial - 2024 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

සහය දිවීමේ ඉසව් කෙරෙහි වඩාත් අපේක්ෂා පෙරදැරිව හෙට (23) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘ඩුබායි’ නුවරදී ආරම්භ වන 19 වැනි ආසියානු කනිෂ්ඨ (වයස 20න් පහළ) මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව කණ්ඩායමක් ඉදිරිපත් කර ඇත. එහි විශේෂත්වය මීටර් 4x100 (කාන්තා) ඉසව්ව හැරෙන්නට සෙසු කාන්තා හා පිරිමි සහය දිවීමේ ඉසව් සඳහා ශ්‍රී ලංකාව තරග වැදීමය. 

සංචාරක ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම අද (22) දිවයිනෙන් පිටත්ව ගියේය. මෙම තරගාවලිය ලබන සෙනසුරාදා (26) දක්වා රටවල් 45කගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

ශ්‍රී ලංකාව 1986 දී ඇරඹුණු මෙම තරගාවලි ඉතිහාසය පුරා මෙතෙක් රන් පදක්කම් 9ක් රිදී පදක්කම් 15ක් හා ලෝකඩ පදක්කම් 11ක් පරිදි පදක්කම් 35ක් දිනා ඇත.

එහිදී ගිය වර (2023-යෙචියොන්) තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් හා ලෝකඩ පදක්කම් දෙකක් බැගින් හා එක් රිදී පදක්කමක් දිනා එහි 7 වැනි ස්ථානයට පත්ව තිබේ.

ශ්‍රී ලංකාව එහිදී දිනා ගත් රන් පදක්කම් දෙකම දිනා ගැනීමේදී ලාබාල වියේදීම ආසියානු ශූරතා මීටර 800 කාන්තා ඉසව්වේ වාර්තාව පිහිටු වූ (2023) තරුෂි දිල්සරා කරුණාරත්න දායක වී තිබේ. ඒ මීටර් 800 හා මීටර් 4x400 සහ කාන්තා ඉසව් දෙකකි.

මෙහි තරග වාර්තා හතරක් තවමත් පවතින්නේ ශ්‍රී ලංකාව සතුවය. අරුණ දර්ශන (මීටර 400-පිරිමි-තත්පර 45.79, 2018 ගිෆූ), දමයන්ති දර්ශා (මීටර 100-කාන්තා තත්පර 11.42 – 1994 – ජකර්තා), සුසන්තිකා ජයසිංහ (මීටර 200-කාන්තා - තත්පර 23.16 – 1994 ජකර්තා) එහි හිමිකරුවෝ වෙති. මීටර 4x400 මිශ්‍ර ඉසව්ව පසුගිය වසරේදී තරගාවලියට හඳුන්වා දීමෙන් පසුව එය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම සතුව (විනාඩි 3 තත්පර 25.41) එහි වාර්තාවද පවතී. 

 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී අප්‍රේල් 24 සිට 27 වැනිදා දක්වා පැවැත්වෙන 19 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම 

• කාන්තා: මධුෂානි හේරත් (දුර පැනීම – තුන් පිම්ම- කණ්ඩායම් නායිකා), තරුෂි අබිෂේකා (මීටර් 800), මහීමා ප්‍රවින්දි (මීටර් 4x400 හා එහි මිශ්‍ර), ජිත්මා විජේතුංග, (මීටර් 4x400 හා එහි මිශ්‍ර), චාරුනී ප්‍රමුදිකා (මීටර් 400x4),  තකහිමා නුහංසා (මීටර් 4x400 හා එහි මිශ්‍ර) 
• පිරිමි : වෙරෝන් විජේසිංහ (මීටර් 100- මීටර් 4x100 - කණ්ඩායම් නායක) හසිඳු නෙත්සර (මීටර් 4x400) හා එහි මිශ්‍ර) දිනෙත් වීරරත්න (මීටර් 4x100) මලිත් කාමෙල් (මීටර් 4x100), අයොමාල් අකලංක  (මීටර් 400 කඩුලු) තරුෂ මෙන්ඩිස් (උස පැනීම), ආර්. අයි. විදුෂාන් (මීටර් 4x100) දිනෙත් අනුහස් උස පැනීම), ජත්ය කිරුළු (මීටර් 4x400 හා එහි මිශ්‍ර) අවිෂ්ක රාජපක්ෂ (මීටර් 4x400 හා එහි මිශ්‍ර) 


• නිලධාරීන්: ප්‍රධාන පුහුණුකාරිණි: භද්‍රා ගුණවර්ධන

පුහුණුකරු: නිපුන නිමල්, ක්‍රීඩිකාවන් භාර නිලධාරිනි: නදීෂා තිලකරත්න, කළමනාකරු: ප්‍රසන්න ඉන්දික යන මහත්ම මහත්මීන්


අදහස් (0)

​ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.