Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
අගෝස්තු 18 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණයේදී (2025 -27) සභාපති ධූරයට තරග වදින සුනිල් ගුණවර්ධන මහතාගේ නාමයෝජනාවට එරෙහිව ඉදිරිපත්වූ විරෝධතාව ඉවත දැමීමට නිලවරණ කමිටුව තීරණය කර තිබේ.
නිලවරණයේ නාමයෝජනා සම්බන්ධයෙන් ගොනු කර තිබූ විරෝධතා ගණනාවක් විභාග කරමින් නිලවරණ කමිටුව ඊයේ (4) සිය තීන්දු ප්‍රකාශයට පත් කළේය.එහිදී ලේකම් ධූරයට ඉදිරිපත්වූ ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ වෛද්‍ය ධම්මික සේනානායක මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කිරීම හැරෙන්නට සෙසු නාමයෝජනා සදහා ඉදිරිපත් කර තිබූ විරෝධාතා ඉවත දැමීමට නිලවරණ කමිටුව තීරණය කර තිබේ.
වෛද්‍ය සේනානායක මහතාගේ නාමයෝජනාව වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අපොහොසත්වීම මත ප්‍රතික්ෂේප විය .
එහිදී ලේකම් ධූරයට තරග වදින හිටපු කෙටි ධාවන ශූර ෂෙහාන් අඹේපිටිය හා මාධව බන්ඩාර සෙනරත් යන මහත්වරුන්ට එරෙහිව ගොනු කර තිබූ විරෝධතාද නිලවරණ කමිටුව ඉවත දැමීමෙන් ඔවුන්ට නිලවරණයට ඉදිරිපත්ව තිබූ බාධා ඉවත්ව තිබේ.
මීට ඉහත වසර 2000 - 01 දී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති ධූරය දරා තිබෙන සුනිල් ගුණවර්ධන මහතා යළි වසර 24 කට පසුව ඊට ඉදිරිපත් වීමේදී එල්ලවී තිබූ විරෝධතාවයෙන් කියවුණේ ඔහු යෝග්‍යතා පුහුණුකරුවෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සේවා සපයන්නකු බවත් ඊට අමතරව මෙරෝන් ජයසිංහ ක්‍රීඩකයාගේ පුහුණුකරු ලෙස භද්‍රා ගුණවර්ධන මහත්මිය සමග එක්ව කටයුතු කිරීමෙන් ඔහු ක්‍රිඩා සංගම් රෙගුලාසි උල්ලංඝණය කිරීමේ වරදට හසු වන බවයි.
කෙසේ වූවත් මෙවර නිලවරණයේදී විධායක සභාවේ තනතුරු සදහා ඉදිරිපත්ව සිටින එස්.ජගත් ඥානසිරි සිල්වා, ඇලෝයි එන්. වික්‍රමසිංහ,ගීතානි පතිරණවසම්, ජී.යූ. මානවඩු, බී.එල්.බී.ආර්. බෝවත්ත, ප්‍රසන්න අමරසේකර යන මහත්ම මහත්මීන්ගේ නාමයෝජනා සම්බන්ධයෙන් ගොනු කර තිබූ විරෝධතාද ඉවත දැමීමෙන් ඔවුන්ටද අගෝස්තු 18 වැනිදා පැවැත්වෙන මලල ක්‍රීඩා නිලවරණයට ඉදිරිපත්වීමේ බාධා ඉවත්ව තිබේ.
එදින පෙරවරු10 ට ටොරිංටන් පෙදෙසේ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණයේදී (2025 - 27) සාමාජික සංගම් හා ක්‍රීඩා සමාජ 33 කට ඡන්ද බලය හිමිව තිබේ. කෙසේ වූවත් මෙවර නිලවරණයේදී ක්‍රීඩා සමාජ හා අනු සංගම් හයක ඡන්ද බලය ඉවත් කර තිබේ.
නිලවරණ කමිටුවේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික මහාධිකරණ විනිසුරු නිමල් නම්බුවසම් මහතා කටයුතු කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.