Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics සිසිර කුමාර මග නවතී

සිසිර කුමාර මග නවතී

editorial - 2024 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

නේපාලයේ ‘ලුම්බිණි’ නගරයේදී ඊයේ (7) නිමාවට පත්වූ ලුම්බිණි සාම මැරතන් තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ඩබ්.එම්. සිසිර කුමාර තරගය අතරමැද ඉවත් විය.

කිලෝ මීටර් 25ක් තරම් ධාවනයේ යෙදෙමින් සිටින අතර සිසිර කුමාර තරගයෙන් ඉවත් වූ අතර, ඔහුගේ පුහුණුකරු ලෙස එම තරග සංචාරයට එක්වූ සජිත් ජයලාල් මහතා පැවැසුවේ, ධාවන මාර්ගයේ පැවැති ඇතැම් දෝෂ තත්වයන් පිළිබඳව තරග සංවිධායකයන් දැනුවත් කිරීමට එහිදී කටයුතු කළ බවයි.

විශේෂයෙන්ම, ධාවන මාර්ගයේ සිමෙන්ති ගල් සහිත හා කොන්ක්‍රීට් ඇතිරූ ස්ථාන ද පසු කර යාමට තරගකරුවන්ට සිදු වීමේදී ඔවුන් දැඩි දුෂ්රතාවන්ට හා වෙහෙසට පත්වූ බව ද වාර්තා වේ.

චීනය, පාකිස්ථානය, ශ්‍රී ලංකාව, ඉන්දියාව හැරෙන්නට සත්කාරක නේපාලයෙන් ද ලුම්බිණි සාම මැරතන් තරගයට (2024) ඉදිරිපත්ව සිටි තරගකරුවන් ගණන 29කි.

රුපියල් ලක්‍ෂ පහක ත්‍යාගය හිමි වූ මෙහි ජයග්‍රාහකයා වූයේ නේපාල හා ඉන්දීය සම්භවයකින් යුත් ක්‍රීඩකයකු වන තීර්ත පුන්ය. පැය 2 විනාඩි 30 තත්පර 49කට ඔහු තරගය නිමා කළේය.


අදහස් (0)

සිසිර කුමාර මග නවතී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.