
නාමල් පතිරගේ
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය (2025 - 27) ලබන මාර්තු 12 වැනිදා පැවැත්වීමට තීරණයවී තිබේ.ඒ සදහා දිස්ත්‍රික් සංගම් හා ක්‍රීඩා සමාජ 33 ක ඡන්ද 99 ක් නිර්දේශ ලබා සිටින බැවින් ඡන්ද අවම 50 ක් ලබා ගන්නා සභාපති අපේක්ෂකයාට ශ්‍රී ලංකා මලල ක්‍රිඩා ආයතනයේ මුල් පුටුවට පත්වීමේ අවස්ථාව හිමිව තිබේ.
ඒ අනුව එදින නිලවරණයේදී සභාපති ධූරයට පත් වන්නේ සුනිල් ගුණවර්ධන මහතාද නැතහොත් බිමල් විජේසිංහ මහතාද යන්න පිළිබදව තීරණය වනු ඇත.කෙසේවූවත් මෙවර මලල ක්‍රීඩා නිලවරණය සදහා තවත් අපේක්ෂකයන් දෙදෙනෙක් ඉදිරිපත්ව සිටියත් ඔවුන් ඉහත ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට සහාය පළ කරමින් නාමයෝජනා ඉදිරිපත් කර තිබෙන බැවින් ඔවුන් නිලවරණ සටනේ පෙරමුණේ දක්නට නොමැත.
ඒ ප්‍රසන්න ඉන්දික, ෙජ්‍යෂ්ඨ පොලිස් අධිකාරි ජී.ජී.සුගත් කුමාර යන මහත්වරුන් වේ. මේ අතර ඒසස් ක්‍රීඩා සමාජය, අනුරාධපුරය හා පොළොන්නරුව යන දිස්ත්‍රික් මලල ක්‍රිඩා සංගම්නි ලවරණයට සහභාගි කර ගැනීම වළක්වාලමින් නිලවරණ කමිටුව දුන් තීන්දුව තහවුරු කරමින් ක්‍රීඩා අමාත්‍යාංශයේ අභියාචනා උපදේශක කමිටුවද සිය නිගමනය ලබාදී තිබේ.
ඒ නිලවරණ කමිටුව විසින් ඉහත ක්‍රීඩා සමාජය හා දිස්ත්‍රික් සංගම් දෙකට නිලවරණයේදී ඡන්ද බලය අහිමි කරමින් ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් ඉදිරිපත්ව තිබූ අභියාචනාවක් ප්‍රතික්ෂේප කරමිනි.
මෙවර මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණයේදී ක්‍රිඩා සමාජ හා දිස්ත්‍රික් සංගම් 33 ක් ඡන්දය ප්‍රකාශ කිරීමට හිමිකම් ලබයි.එහිදී එම එක් ආයතනයකට ඡන්ද තුනක් බැගින් හිමි වේ.
කිලිනොච්චිය, මුලතිව් හා අම්පාර යන දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගම් මීට ඉහතදීම නිලවරණයෙන් ඉවත් කෙරුණි.
පසුගිය අගෝස්තු 18 වැනිදා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය (2025 - 27) පැවැත්වීමට සියලු කටයුතු අවසන් කර තිබියදී හදිසි තීරණයකින් ක්‍රිඩා අමාත්‍යාංශය විසින් එය අත්හිටුවනු ලැබීය.
එහිදී නැවත මුල සිටම නිලවරණය කැදවීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කළේය.පසුගිය අගෝස්තු 25 වැනිදා සිට මෙරට මලල ක්‍රීඩා පරිපාලනය ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට පැවරෙන බලතල ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ක්‍රීඩා ඇමැතිවරයා පියවර ගත්තේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.