Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics සංචිත කළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 34ක් ඇමැති අනුමැතියට

සංචිත කළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 34ක් ඇමැති අනුමැතියට

editorial - 2023 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ක්‍රීඩකයන් 22 දෙනකු හා ක්‍රීඩිකාවන් 12 දෙනකුගෙන් සමන්විත ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා සංචිතයක් ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතියට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය යොමු කර තිබේ.

ලබන වසරේදී පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය හා ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය ඉලක්ක කරමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම් නිර්දේශ කිරීම නව සංචිතය මගින් සිදු කෙරේ.

ඩුබායි නුවර දී මීළඟ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්වෙන්නේ ලබන අප්‍රේල් 23 සිට 27 වැනිදා දක්වාය.

පේරු රාජ්‍යයේ ‘ලීමා’ නුවර දී මීළඟ ලෝක කනිෂ්ඨ (වයස 20න් පහළ) මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2024 අගෝස්තු 26 සිට 31 වැනිදා දක්වාය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනකුගේ පමණ වන ශ්‍රී ලංකා කණ්ඩායමක් ඩුබායි ආසියානු කනිෂ්ඨ තරගාවලිය සඳහා යැවීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි. ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ද අවම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිවු දෙනකු නිර්දේශ කර ගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය අපේක්ෂාවෙන් පසුවේ.

පසුගිය ජුනි මාසයේ දකුණු කොරියාවේ ‘යෙචියොන්’ නුවර දී අවසන් වරට පැවැති 20 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකාව රන් පදක්කම් 2ක් එක් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් දෙකක් හිමිකර ගැනීමට සමත්විය.

එහිදී ශ්‍රී ලංකාව දිනාගත් රන් පදක්කම් දෙකම දිනා ගැනීමට තරුෂි කරුණාරත්න දායක වූ අතර ඒ මීටර් 800 (කාන්තා) ඉසව්වෙන් හා මීටර 4x400 (කාන්තා) ඉසව්වෙනි. කොළොම්බියාවේ ‘කාලි’ නුවර දී 2022 වසරේ අගෝස්තු මාසයේ ද අවසන් වරට පැවැති ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත්දෙනකුගේ කණ්ඩායමක් සහභාගි කළේය.

මෙම ගෙවී යන වසරේ දී (2023) ආසියානු ශූරතා තරගාවලි දෙකකදී හා පැවැති හංජෝ ආසියානු ක්‍රීඩා උළෙලේ දී මීටර් 800 (කාන්තා) ඉසව්වෙන් රන් පදක්කම් තුනක් දිනාගත් මෙරට ඉහළම අවධානය දිනා ගත් මලල ක්‍රීඩා තරුව බවට පත් වූ වලල ඒ රත්නායක මධ්‍ය මහා විදුහලේ ශිෂ්‍යාවක් වන තරුෂි කරුණාරත්න ද කාලි ලෝක කනිෂ්ඨ තරගාවලියට සහභාගි වූවාය.

එහිදී ඇය මීටර 400 (කාන්තා) ඉසව්වට පමණක් නිර්දේශ ලබා ගත්තාය. එහිදී අවසන් පූර්ව වටයට ඇගේ දක්ෂතා සීමාවූයේ ඇය තරග වැදුණු අවසන් පූර්ව තරගයේදී තත්ත්පර 54.86කට හත් වැනි  ස්ථානයට පත්වෙමිනි.


අදහස් (0)

සංචිත කළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 34ක් ඇමැති අනුමැතියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.