Last Update  :  2024-05-03 17:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ශ්‍රී ලංකාව ඉහළම තැනට
ආසියානු මලල ක්‍රීඩා

ශ්‍රී ලංකාව ඉහළම තැනට

editorial - 2023 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

(නාමල් පතිරගේ)

තායිලන්තයේ ‘පතායා’ නුවර දී ඊයේ (16) නිමාවට පත්වූ 24 වැනි ආසියානු ශුරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී පදක්කම් අටක් දිනා සිව්වැනි ස්ථානයට පත් ශ්‍රී ලංකාව වසර 25 කට පසුව මෙතෙක් තරගාවලියේ ඉහළම ස්ථානය අත්කර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාව පෙරේදා නිමාවට පත්වූ තරගාවලියේ දී රන් පදක්කම් තුනක් රිදි පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කම් තුනක් දිනා ගත්තේය. 1998 ජපානයේ ෆුකෝකා නුවර දී පැවැති 12 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාව රන් පදක්කම් හා ලෝකඩ පදක්කම් දෙකක් බැගින් දිනා එහි පස් වැනි ස්ථානයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකාව මෙසේ  පෙරේදා තරගාවලියේ ඉහළම ස්ථානය ලැබීය.

කෙසේ වූවත්  ශ්‍රී ලංකාව මීට පෙර වැඩිම පදක්කම් දිනා ගත් 2007 ‘අම්මාන්’ නූවර දී පැවති 17 වැනි තරගාවලියේ දී රන් පදක්කම් තුනක් ඇතුළුව මුළු පදක්කම් හතක් හිමි කර ගත්තත් එහිදී ශ්‍රී ලංකාවට හිමිවුයේ හත් වැනි ස්ථානයයි.

පෙරේදා නිමාවට පත්වූ තරගාවලියේ දී ශ්‍රී ලංකාව වසර 50 ක අතීතයක් හෙබි මෙම තරගාවලියේ ඉහළම පදක්කම් ගණනත් දිනා ගැනීමට සමත්විය.

මෙවර තරගාවලියේ දී රටවල් 17 ක් පදක්කම් හිමි කර ගත්තත් රන් පදක්කම් දිනුවේ ශ්‍රී ලංකාව ඇතුළුව ඉන්  රටවල් 13 ක් පමණි.

ඉන්දියාව මෙවර තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 56 දෙනෙකුගේ කණ්ඩායමක් සහභාගී කර එහි තෙවැනි ස්ථානයට පත්වුයේ රන් පදක්කම් 6 ක් රිදී පදක්කම් 12 ක් හා ලෝකඩ පදක්කම් නවයක් (එකතුව 27) ක් හිමි කර ගනිමිනි.

පසුගිය තරගාවලිය (2019 - කටාර්) හා සංසන්දනය කිරිමේදී ශ්‍රී ලංකාව මෙවර  තරගාවලියේ දී ඉහළම ප්‍රගතියක් අත්කර ගැනීම කැපී පෙනෙනම සිදුවීමකි. එහිදී  ලෝකඩ පදක්කම් දෙකකට පමණක් සීමා වීමෙන් කටාර් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට හිමිවුයේ 17 වැනි ස්ථානයයි.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව හැරෙන්නට දකුණූ ආසියානු කලාපයේ පාකිස්ථානය පමණක් මෙවර තරගාවලියේදී පදක්කම් දිනා ගැනීමේදී පාකිස්ථානයේ දක්ෂතා එක් ලෝකඩ පදක්කමකට පමණක් සීමාවිය.

ජපානය රන් පදක්කම් 16 ක් රීදි පදක්කම් 11 ක්, ලෝකඩ පදක්කම් 10 ක් දිනා මෙවර සමස්ත තරගාවලියේ ජයග්‍රාහකයා බවට පත්විය.

ආසියානු ශුරතා වාර්තා දෙකක් පිහිටුවිමෙන් ද මෙවර ශ්‍රී ලංකාවේ දක්ෂතා ඉහළම අගයක් ගත්තේය.

සංචාරක ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම අද (17) රාත්‍රීයේ දිවයිනට ළඟාවීමට නියමිතය.

 

ආසියානු වාර්තාවක් පිහිට වූ ශ්‍රී ලංකා මීටර 4*400 (පිරිමි) සහාය දිවීමේ කණ්ඩායම


අදහස් (2)

ශ්‍රී ලංකාව ඉහළම තැනට
  • Samanthika Monday, 17 July 2023 09:44 PM

    ආඩම්බරයි, ඔය සියලු දෙනා ගැනම... තව ඉදිරියට යාමට ශක්තිය ලැබේවා...!

    Reply 0       0

    SL Wednesday, 19 July 2023 12:31 AM

    අනාගතය තව තවත් සාර්ථක වේවා...!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.