Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ශ්‍රී ලංකා මිශ්‍ර සහාය දිවිමේ කණ්ඩායම අවසන් තරගයට

ශ්‍රී ලංකා මිශ්‍ර සහාය දිවිමේ කණ්ඩායම අවසන් තරගයට

editorial - 2021 අගෝ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කෙන්යාවේ නයිරෝබි නුවරදී පැවැත්වෙන යොවුන් (අවුරුදු 20 න් පහළ) මලල ක්‍රීඩා⁣ ලෝක ශූරතාවලියේ මීටර් 400 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (18 වැනිදා) මීට සුළු වේලාවකට පෙර සමත් විය.

කණ්ඩායම් 11 ක් සහභාගි වූ එම ඉසව්වේ මූලික වටයේ තරග අදියර 2 කින් සමන්විත විය. ඉන් පළමු අදියරට සහභාගි වූ ශ්‍රි ලංකා කණ්ඩායම, විනාඩි 3 යි, තත්ත්පර 26.62 ක කාලයක් වාර්තා කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය.

තරග නිමි කාලය අනුව මූලික වටයේ පළමු අදියරේ 5 වැනි ස්ථානයට පත්වූ ශ්‍රී ලංකාව, අවසන් තරගයට සුදුසුකම් ලබාගත් කණ්ඩායම් 8 අතර 6 වැනි ස්ථානයට පත්විය.

නයිජීරියාව, ඉන්දියාව, චෙක් ජනරජය, ජැමෙයිකාව සහ පෝලන්තය අවසන් තරගයට සුදුසුකම් ලබාගත් රටවල් අතර ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටිති. අවසන් තරගයට සුදුසුකම් ලැබූ සෙසු රටවල් දෙක වන්නේ ඉතාලිය සහ දකුණු අප්‍රිකාවය.

මූලික වටයට සහභාගි වූ රටවල් අතරින් ඉක්වදෝරයට අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි වූ අතර නිතී විරෝධී ක්‍රියාවන් හේතුවෙන් කෙන්යාව සහ ඉතියෝපියාව ඔවුන් සහභාගි වූ අදියරවලින් ඉවත් කිරීමට සංවිධායකයෝ පියවර ගත්හ.

මෙම ඉසව්වේ අවසන් මහ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.45 ට පැවැත්වීමට නියමිතය.

 

මූලික වටයේ පළමු අදියරේ ප්‍රතිඵල

1 ඉන්දියාව - විනාඩි 3.23.36
2 චෙක් ජනරජය - විනාඩි 3.24.15
3 ජැමෙයිකාව - විනාඩි 3.24.65
4 පෝලන්තය - විනාඩි 3.24.69
5 ශ්‍රී ලංකාව - විනාඩි 3.26.69
6 ඉතියෝපියාව - තරගයෙන් ඉවත් කළා

 

- 213


අදහස් (0)

ශ්‍රී ලංකා මිශ්‍ර සහාය දිවිමේ කණ්ඩායම අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.