Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති 38 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ (2025) මලල ක්‍රීඩා තරගාවලියේ වේගවත්ම ක්‍රීඩකයා බවට පත්වීමට මිනුවන්ගොඩ නාලන්දා (පිරිමි) මධ්‍ය විදුහලේ පසිඳු සඳරුවන්ද, වේගවත්ම ක්‍රීඩිකාව බවට පත්වීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ධනංජනා ප්‍රනාන්දුද සමත් වූහ.
වයස 18 න් පහළ බාලක මීටර් 100 ඉසව්වට සහභාගි වූ පසිඳු එහිදී තත්පර 10.68 ක කාලයක් වාර්තා කරමින් නව තරගාවලි වාර්තාවක්ද පිහිටුවීමට සමත් විය. තරග නිමි කාලය අනුව පසිඳු, වයස 20 න් පහළ බාලක මීටර් 100 ඉසව්වේ ජයග්‍රාහකයා වූ මහනුවර ගේට්වේ ජාත්‍යන්තර පාසලේ සාද් ෆලීල්ටද (තත්පර 10.72) ඉදිරියෙන් සිටියේය.
මෙම තරගාවලියේදී දැක්වූ දක්ෂතාවත් සමග මෙම වසර (2025) තුළ මීටර් 100 ඉසව්ව සඳහා හොඳම කාලයන් වාර්තා කළ ක්‍රීඩකයන් 7 දෙනා අතරට එක්වීමට පසිඳුට හැකි විය. එම ලැයිස්තුවේ පසිඳුට ඉදිරියෙන් සිටින සෙසු ක්‍රීඩකයන් 6 දෙනාම වයස අවුරුදු 20 ඉක්මවූ ක්‍රීඩකයන් වන අතර පසිඳු තවමත් 17 වැනි වියේ පසුවන ක්‍රීඩකයකු වීමද කැපී පෙනෙන සිදුවීමකි.
ධනංජනා තරගාවලියේ වේගවත්ව ක්‍රීඩාකාව බවට පත්වූයේ වයස 18 න් පහළ බාලිකා මීටර් 100 ඉසව්ව තත්පර 12.01 ක කාලයකින් නිමාවට පත්කරමිනි. එයද නව තරගාවලි වාර්තාවක් ලෙස සටහන් විය. ඇයද කාලය අතින් ගත් කළ වයස 20 න් පහළ බාලිකා මීටර් 100 ඉසව්වේ ජයග්‍රාහිකාව වූ පන්නිපිටිය ධර්මපාල විදුහලේ ඩී.ආර්. පෙරේරාට (12.10) වඩා ඉදිරියෙන් සිටියාය.
කෙසේ වුවත් මීටර් 100 ඉසව්ව සඳහා ධනංජනාගේ හොඳම කාලය එය නොවන අතර මෙම වසරේ මාර්තු මාසයේ දියගම, මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති ශ්‍රී ලංකා විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ දෙවැනි අදියරේදී තත්පර 11.81 ක කාලයක් වාර්තා කිරීමට ඇය සමත්ව ඇත. මෙම වසර තුළ මීටර් 100 ඉසව්ව සඳහා හොඳම කාලයන් වාර්තා කළ ක්‍රීඩිකාවන් අතර ධනංජනා තෙවැනි ස්ථානයේ පසුවන්නීය.
ඇය මෙම වසරේ මැයි මස සවුදි අරාබියේදී පැවැති 6 වැනි ආසියානු යොවුන් (වයස 18 න් පහළ) මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනාගත්තේ තත්පර 11.92 ක කාලයක් වාර්තා කරමිනි. මෙම මස 24 වැනිදා සිට 26 වැනිදා දක්වා ඉන්දියාවේ රාංචි නුවරදී පැවැත්වෙන 4 වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගිවන ශ්‍රී ලංකා සංචිතයටද ධනංජනා ඇතුළත්ව සිටින්නීය.
2025 වසර තුළ මීටර් 100 ඉසව්වේ වේගවත්ම ක්‍රීඩකයෝ
1. චමෝද් යෝධසිංහ (වයස 23) - තත්පර 10.27 (මැයි)
2. මෙරන් විජේසිංහ (වයස 20) - තත්පර 10.46 (මාර්තු)
3. සඳුන් දියලවත්ත (වයස 23) - තත්පර 10.55 (අගෝස්තු)
4. ඉඳුසර විදුෂාන් (වයස 20) - තත්පර 10.56 (ජූනි)
5. ප්‍රමුදිත සිල්වා (වයස 21) - තත්පර 10.56 (අගෝස්තු)
6. චලිත් පියුමාල් (වයස 23) - තත්පර 10.65 (අගෝස්තු)
7. පසිඳු සඳරුවන් (වයස 17) - තත්පර 10.68 (ඔක්තෝබර්)
2025 වසර තුළ මීටර් 100 ඉසව්වේ වේගවත්ම ක්‍රීඩිකාවෝ
1. ෆාතිමා ශෆියා (වයස 26) - තත්පර 11.51 (සැප්තැම්බර්)
2. අමාෂා ද සිල්වා (වයස 26) - තත්පර 11.74 (අගෝස්තු)
3. ධනංජනා ප්‍රනාන්දු (වයස 17) - තත්පර 11.81 (මාර්තු)
4. රුමේෂිකා රත්නායක (වයස 29) - තත්පර 11.85 (අගෝස්තු)
5. ඩිලුෂාන් සිල්වා (වයස 22) - තත්පර 12.04 (අගෝස්තු)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.