Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics විරෝධතා විභාගයට පිටස්තරයන් ඇවිත්

විරෝධතා විභාගයට පිටස්තරයන් ඇවිත්

editorial - 2025 අගෝ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

අගෝස්තු 18 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය (2025 - 27) සදහා ඉදිරිපත්වූ නාමයෝජනා විරෝධතා විභාගයට පිටස්තරයන් සහභාගි වූ බවට චෝදනා කරමින් විරෝධතාවයක් ගොනු කිරීමට තීරණය කර ඇති බව වාර්තාවේ.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතන ආරංචි මාර්ග සදහන් කරන්නේ මෙම සිදුවීමෙන් අගතියට පත්වූ බව කියන නාමයෝජනා ඉදිරිපත් කළ අපේක්ෂකයන් කීපදෙනෙකුම ඒ සම්බන්ධයෙන් නිලවරණ කමිටුවට එරෙහිව ක්‍රීඩා අමාත්‍යාංශයේ අභියාචනා කමිටුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙන බවයි.

මෙම සිදුවීම ක්‍රීඩා පනතට පටහැණි බවත් එයින් විරෝධතා හමුවේ පෙනී සිටි අපේක්ෂකයන් අපහසුතාවයට පත්වූ බවත් එල්ලවී තිබෙන චෝදනාවකි. ශ්‍රී ලංකා මලල ක්‍රිඩා ආයතනයේ නිලවරණයේ (2025 - 27) නාමයෝජනා සදහා ඉදිරිපත්වූ විරෝධතා විභාගය අද (4) අවසන් වීමට නියමිතය. එය අවසන් වීමෙන් පසුව ඒ පිළිබදව සිය තීන්දු හා තීරණ අදම ප්‍රකාශයට පත් කිරීමට කටයුතු යොදා ඇත. 

සභාපති අපේක්ෂකයෙකු, ප්‍රධාන ලේකම් ධූර අපේක්ෂකයන් දෙදෙනෙකු ඇතුළුව නාමයෝජනා10 ක් සදහා මෙවර මලල ක්‍රීඩා නිලවරණයේදී විරෝධතා ඉදිරිපත්ව තිබුණි.

හිටපු සභාපතිවරයෙකු වන සුනිල් ගුණවර්ධන, වෙළඳ සේවා මලල ක්‍රීඩා සංගමයේ සභාපති ප්‍රසන්න ඉන්දික හා ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ හිටපු සභාපති, හිටපු නියෝජ්‍ය පොලිස්පති උපාලි කුමාරසිරි යන මහත්වරු මෙවර මලල ක්‍රීඩා නිලවරණයේදී සභාපති ධූරයට නාමයෝජනා ඉදිරිපත් කර තිබේ.


අදහස් (0)

විරෝධතා විභාගයට පිටස්තරයන් ඇවිත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.