Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
චීනයේ ගුඇන්ෂූ නුවරදී මැයි 10 - 11 යන දිනවලදී පැවැත්වෙන හත් වැනි ලෝක සහය දිවීමේ ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් මීටර 4 x 400 මිශ්‍ර සහය දිවීමේ කණ්ඩායම පමණක් සහභාගි කිරීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබේ.
එහෙත් මැයි 27 වැනිදා සිට 31 වැනිදා දක්වා කොරියාවේදී පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් සහය දිවීමේ කණ්ඩායම් හතරක් සහභාගි කෙරේ.
ඒ අනුව මීටර 4 x 400 කාන්තා,පිරිමි හා මිශ්‍ර කණ්ඩායම් තුන හැරෙන්නට මීටර 4 x 100(පිරිමි) සහය දිවීමේ කණ්ඩායමද ඊට සහභාගි කෙරේ.
ලෝක සහය දිවීමේ තරගාවලියේ ඉසව් දක්ෂතා අනුපිළිවෙලින් 14 වැනි ස්ථානය දක්වා පැමිණෙන කණ්ඩායම් ජපානයේදී අනතුරුව පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට නිර්දේශ ලබයි.
මීළග ලෝක ශූරතා මලල ක්‍රිඩා තරගාවලිය ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන ජූනි 13 වැනිදා සිට 21 වැනිදා දක්වාය.
මේ අතර ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය ආසන්නයේදීම පැවැත්වෙන ජාත්‍යන්තර තරගාවලි හතරක් සදහා ශ්‍රී ලංකා කණ්ඩායම් නිර්දේශ කරමින් අනුමැතිය සදහා ජාතික ක්‍රීඩා සභාව වෙත යොමු කර තිබේ.
ඒ අනුව මැයි 27 වැනිදා සිට 31 වැනිදා දක්වා කොරියාවේදී පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 21 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමක් නිර්දේශ කර තිබේ.ඔවුන් මැයි 25 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට සූදානමින් සිටියි.
එහිදී විශේෂත්වය පොදු රාජ්‍ය මණ්ඩලීය ලෝකඩ පදක්කම්ලාභී ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර ඉතාලියේ වෙසෙන යුපුන් අබේකෝන් පළමු වතාවට ආසියානු ශූරතා තරගාවලියට සහභාගි වීමයි.
ඔහු ශ්‍රී ලංකාව නිල වශයෙන් නියෝජනය කරමින් ප්‍රමුඛ පෙළ ජාත්‍යන්තර තරගාවලියකට අවසන් වරට සහභාගිවී ඇත්තේ වසර 2022 ජූලි - අගෝස්තු කාල සීමාවේදී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලයි.
එහිදී ඔහු මීටර 100 (පිරිමි) ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තේ තත්පර 10.14 ක කාලයක් වාර්තා කරමිණි.
එයින් පසුව ඔහු ජාත්‍යන්තර තරග සහභාගිත්වයෙන් ඉවත්ව සිටියත් යුරෝපයේ පැවැති ග්‍රෝන් - ප්‍රී තරග මාලා කීපයකට තරග වැදුණි.
කෙසේවූවත් පසුගිය 2023 හා 2024 යන වසරවලදී ශ්‍රී ලංකාව සහභාගිවූ ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය, ලෝක මලල ක්‍රීඩා තරගාවලිය ඇතුළු ප්‍රමුඛතම ජාත්‍යන්තර තරගාවලි කීපයකට සහභාගි වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය කළ ආරාධනා ඔහු ප්‍රතික්ෂේප කර සිටියේය.
ඊට ඔහුගේ පාදයක පැවැති ආබාධයත් බලපෑම් කළේය.එම තත්වයන් 2024 පැරිස් ඔලිම්පික් උළෙලට නිර්දේශ ලබා ගැනීමේ ඔහුගේ ප්‍රමුඛතම උත්සහයත් අසාර්ථක කළේය.
ජූනි 7 - 8 යන දිනවලදී තායිපේහිදී පැවැත්වෙන චීන - තායිපේ විවෘත මලල ක්‍රීඩා තරගාවලියට මෙන්ම ජූනි 14 - 15 යන දිනවලදී කොරියාවේදීම පැවැත්වෙන ආසියානු විසි කිරීමේ ඉසව් ශූරතා තරගාවලියටද ශ්‍රී ලංකාව කණ්ඩායම් සහභාගි කෙරේ.
මැයි 11 - 12 යන දෙදින චීනයේ ගුඇන්ෂු නුවරදී පැවැත්වෙන හත් වැනි ලෝක සහය දිවීමේ මලල ක්‍රීඩා තරගාවලියට නිර්දේශ කළ ශ්‍රී ලංකා මිශ්‍ර සහය දිවීමේ කණ්ඩායම : -
කාලිංග කුමාර, අරුණ දර්ශන, සදෙව් රාජකරුණා, නිෂේන්ද්‍රා ප්‍රනාන්දු, සයුරි මෙන්ඩිස් හා නදීෂා රාමනායක
පුහුණුකරු : - ඩබ්.ජී.එම්.තුෂාර මහතා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.