Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics රුමේෂ් - සුමේධ - දිල්හානි කොරියානු තරග සංචාරයක

රුමේෂ් - සුමේධ - දිල්හානි කොරියානු තරග සංචාරයක

editorial - 2025 අගෝ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ටෝකියෝ ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට කෙළින්ම නිර්දේශ ලබා ගැනීමට සමත්ව සිටින ශ්‍රී ලංකා හෙල්ල විසි කිරිමේ ශූරයන් දෙදෙනා වන රුමේෂ් තරංග හා සුමේධ රණසිංහ අගෝස්තු 22 වැනිදා දකුණු කොරියාවේ මොක්ෆෝ නුවරදී පැවැත්වෙන කොරියානු ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටත්ව යාමට නියමිතය.එම තරග සංචාරයට ලෝක තරගාවලියට නිර්දේශ ලබා ගැනීමට අපේක්ෂාවෙන් පසු වන ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා නදීෂා දිල්හානී ලේකම්ගේත් සහභාගි වීමට අපේක්ෂිතය.

එළඹෙන ලෝක මලල ක්‍රිඩා ශූරතා තරගාවලියට දැනටමත් නිර්දේශ ලබා අවසන්ව සිටින සුමේධ රණසිංහ හා රුමේෂ් තරංග දැන් මෙම තරග සංචාරයට සහභාගිවීමේ අපේක්ෂාව වන්නේ ඉසව්වේ ඔවුන්ගේ දක්ෂතා තව දුරටත් ප්‍රවර්ධනය කර ගනිමින් ටෝකියෝ ලෝක තරගාවලියට වඩාත් සූදානමකින් සහභාගි වීමටය.

කෙසේවූවත් සෘජුව හෙල්ල විසි කිරීම (කාන්තා) ඉසව්වෙන් ලෝක තරගාවලියට නිර්දේශ ලබා ගැනීමට නොහැකි වන්නේ නම් දිල්හානීගේ ඒ සදහා අපේක්ෂාව බවට පත්ව ඇත්තේ වැඩි ජාත්‍යන්තර තරග ජයග්‍රහණ ඔස්සේ ලෝක මලල ක්‍රීඩා ආයතනය හඳුන්වාදී තිබෙන ප්‍රසාද ලකුණු ක්‍රමයේ කාණ්ඩයෙන් ඊට නිර්දේශ ලබා ගැනීමය.

ඉන්දියාවේ බුහුබනේෂ්වර් නුවරදී පෙරේදා (10) පැවැති ඉන්දියානු තරගාවලියේදී මීටර 86.50 ක සුපිරි දක්ෂතාවක් දක්වමින් හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග ටෝකියෝ  ලෝක ශූරතාවලියට නිර්දේශ ලබා ගත් අලුත්ම ශ්‍රී ලාංකික මලල ක්‍රීඩකයා බවට පත් විය.

ඊට පෙර දියගමදී පැවැති යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලියේදී හෙල්ල විසි  කිරීම (පිරිමි) ඉසව්වෙන්ම ටෝකියෝ ලෝක ශූරතා තරගාවලියට කෙළින්ම නිර්දේශ තහවුරු කර ගැනීමට සුමේධ රණසිංහ සමත් වූයේ මීටර 85.78 ක දක්ෂතාවක් දක්වමිණි.

මෙම දක්ෂතා හමුවේ සුමේධ රණසිංහ හෙල්ල විසි කිරීම (පිරිමි) ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 10 වැනි ස්ථානයේත්, රුමේෂ් තරංග හත් වැනි ස්ථානයේත් ඊයේ (11) වන විට පසු විය.

සුමේධ බුහුබනේෂ්වර් නුවරදී පෙරේදා දැක්වූ දක්ෂතාවය ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාව බවටද පත්ව තිබේ.

ජපානයේ ටෝකියෝ නුවරදී එළඹෙන ලෝක මලල ක්‍රීඩා තරගාවලිය ලබන සැෆ්තැම්බර් 13 සිට 21වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.ඒ සදහා ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර යුපුන් අබේකෝන් මීටර 100 (පිරිමි) ඉසව්වෙන් කෙළින්ම නිර්දේශ ලබා ගැනීමට නම් අවම තත්පර 10.00 ක දක්ෂතාවක් දැක්විය යුතුය.එහෙත් ඉතා ආසන්නයේදී ඉසව්වේ ඔහුගේ හොදම දක්ෂතාව වූයේ තත්පර 10 03 කි.


අදහස් (0)

රුමේෂ් - සුමේධ - දිල්හානි කොරියානු තරග සංචාරයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.