Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics යොවුන් පිබිදීම ඔලිම්පික් අලුත්ම වැඩසටහන ඇරඹෙයි

යොවුන් පිබිදීම ඔලිම්පික් අලුත්ම වැඩසටහන ඇරඹෙයි

editorial - 2022 සැප් මස 22 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද) 

එළබෙන යොවුන් ඔලිම්පික් උළෙල ඉලක්ක කරගනිමින් මෙරට කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ‘යෞවන පිබිදීම 2026’ නමින් වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ජාතික ඔලිම්පික් කමිටුවේ අනු කමිටුවක් වන කනිෂ්ඨ සංවර්ධන කමිටුව පියවර ගෙන තිබේ.

මෙම වැඩසටහන යටතේ තෝරාගන්නා ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකට අධ්‍යාපනය, පුහුණුවීම්, සෞඛ්‍යාවරණ, පෝෂණය සහ සෙසු කාර්යයන් සඳහා අවශ්‍ය අරමුදල් ලබාදෙනු ඇත. මෙම වැඩසටහනට සමගාමීව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරුවන් සහ දෙමාපියන් සඳහාද වෙනම වැඩසටහනක් ක්‍රියාත්මක වනු ඇත. 

එහිදී ජාතික ඔලිම්පික් කමිටුවේ ලියාපදිංචි සෑම ක්‍රීඩා සම්මේලනයකටම ඉහළම දස්කම් අතර සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනා බැගින් නම් කිරීම සඳහා අවස්ථාව හිමිවේ. එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් කනිෂ්ඨ සංවර්ධන කමිටුව මෙහෙයවන මෙම වැඩසටහන යටතේ දීර්ඝ කාලීන පුහුණුවකට භාජනය කෙරෙනු ඇත. 

වැඩසටහන සඳහා තෝරාගනු ලබන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නවාතැන් පහසුකම්, ප්‍රවාහන පහසුකම්, ක්‍රීඩාංගණ පහසුකම්, තාක්ෂණික පහසුකම්, සෞඛ්‍ය පහසුකම් සහ ආහාර පාන කනිෂ්ඨ සංවර්ධන කමිටුව විසින් සපයනු ලැබේ. පුහුණුකරුවන් සහ දෙමාපියන් සඳහාද එය එලෙසම ක්‍රියාත්මක වේ. 

මෙම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් කනිෂ්ඨ සංවර්ධන කමිටුවේ සභාපති ශිරන්ත පීරිස් මහතා කියා සිටියේ වැඩ සටහන සඳහා මෙරට ඉහළම දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගත්තද, ජාත්‍යන්තර මට්ටම සමග සැසදීමේදී ඔවුන් ඉතා පහළ මට්ටමක පසුවන බවය. එබැවින් ඔවුන් ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බවද හෙතෙම කීය. 

“මෙම වැඩසටහන හරහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සෞඛ්‍ය සම්පන්න මානසිකත්වයක් මෙන්ම ඔවුන්ගේ අධ්‍යාපනය, ක්‍රීඩාව සහ වෘත්තිය කෙරෙහි ධනාත්මක ප්‍රවේශයක් ඇති කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එහිදී අපේ පුහුණුකරුවන්, පෝෂණවේදීන් සහ ක්‍රීඩා මනෝ වෛද්‍යවරුන් ප්‍රධාන කාර්යයක් ඉටු කරාවි කියල අපි අපේක්ෂා කරනවා.” යැයිද එහිදී ශිරන්ත මහතා පැවසීය. 


අදහස් (1)

යොවුන් පිබිදීම ඔලිම්පික් අලුත්ම වැඩසටහන ඇරඹෙයි
  • Indika Friday, 23 September 2022 11:22 AM

    හොඳ වැඩක්... දිගටම කරන්න කියලා...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.