Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics යුපුන් නිහැඬියාව බිඳියි

යුපුන් නිහැඬියාව බිඳියි

editorial - 2024 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

වසරකට ආසන්න කාලයක් තිස්සේ තරග වැදීමෙන් ඉවත්ව සිටි ඉතාලියේ වෙසෙන ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර යුපුන් ප්‍රියදර්ශන අබේකෝන් සෙනසුරාදා (13) එහිදී පැවැති ෆිරෙන්ස් ස්ප්‍රින්ට් පෙස්ටිවල්’ මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 150 (පිරිමි) ඉසව්ව තත්පර 15.19කට නිමා කරමින් එහි ජයග්‍රහකයා බවට පත්විය.

මේ වනවිට 29 හැවිරිදි වියේ පසුවන යුපුන් ආබාධ තත්ත්වයක් හේතුවෙන් පසුගිය කාලයේදී තාවකාළිකව තරග බිමෙන් ඉවත්ව සිටින බව ප්‍රකාශ කළේය.

ඒ හේතුවෙන් වසර 2023ට යෙදී තිබුණු ආසියානු ශූරතා (තායිලන්තය) ආසියානු ක්‍රීඩා (චීනය) හා ලෝක ශූරතා යන  ලොව ප්‍රමුඛතම ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලි තුනකට සහභාගි වීමෙන් වැළකී සිටියේය.

කෙසේ වුවත් ඉතාලි ක්‍රීඩක චිතුරු අලී දෙවැනි තැනට පත් කරමින් (තත්පර 15.20) යුපුන්  මීටර් 150 (පිරිමි) ඉසව්වේ ජය වාර්තා කිරීමට සමත්විය. ෆිරෙන්ස් මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ මීටර් 150  ක්‍රීඩාකයන් 23 දෙනකු අතරින් එහිදී යුපුන් හොඳම ධාවන කාලය වාර්තා කිරීමට සමත්වීම කැපී පෙණුනි.

එම සෙසු සියලුම තරගකරුවන් ඉතාලි ජාතිකයන් වුණු අතර යුපුන් තරග ජයග්‍රහණයෙන් පසුව පැවසුවේ පැරිස් ඔලිම්පික් උළෙලට නිරේදේශ ලබාගැනීමේ සිය උත්සහයට හොඳ ප්‍රවේශයක් සෙනසුරාදා ලබාගත්  බවයි.

ජූලි මාසයේදී ප්‍රංශයේ පැරිස් නුවරදී ආරම්භ වන ගිම්හාන ඔලිම්පික් උළෙල සඳහා මීටර් 100 (පිරිමි) ඉසව්වෙන් නිර්දේශ ලබා ගැනීමට ඔහු සූදානමින් සිටියි.

කෙසේ වුවත් 2023 මැයි 7 වැනිදා මීට පෙර අවසන් තරග වැදීම කළ යුපුන් අබේකෝන්  ඉතාලියේදී මීටර් 200 (පිරිමි) ඉසව්ව තත්පර 20.60කට නිමා කළේය.

මීටර 150 (පිරිමි) ඉසව්වේ මීට පෙර යුපුන්ගේ අවසන් තරග වැදීම වසර 2022 මැයි 12 වැනිදා  රෝමයේදී වාර්තා විය. ඒ තත්පර 15.37 නව තරගය නිමා කරමිනි.

ටෝකියෝ (2020) ඔලිම්පික් උළෙලේදී මීටර් 100 (පිරිමි) ඉසව්වේ මූලික වටයේදී යුපුන් වාර්තා කළ කාලය තත්පර 10.32කි. වසර 2021 ජූලි 31 වැනිදා ඔහුගේ එම ධාවනය සිදු විය.

ඒ අනුව පිට පිටම දෙවැනි ඔලිම්පික් උළෙල සඳහාත් නිර්දේශ ලබා ගැනීමේ අභිප්‍රායෙන් පසුවන යුපුන් 2022 අගෝස්තු 3 වැනිදා බර්මින්හැම් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී මීටර් 100 (පිරිමි) ඉසව්වේ අවසන් තරගයේදී තත්පර 10.14ක කාලයක් වාර්තා කරමින් ලෝකඩ පදක්කම දිනා ගත්තේය.

එයින් පසු ප්‍රධානතම ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරග මාලා සඳහා ඔහුගේ සහභාගිත්වය සීමා වූ අතර යුපුන් සැලකෙන්නේ මේ වනවිට දකුණු ආසියාවේ සිටින වේගවත්ම ධාවකයා ලෙසිනි.

වසර 2022 ජූලි 3 වැනිදා ඉතාලියේදී පැවැති තරගාවලියේදී මීටර 100 (පිරිමි)  ඉසව්ව තත්පර 9.96 කට නිමා කරමින් ඔහු එම දක්ෂතාව දැක්වීය. එය සැලකෙන්නේ දකුණු ආසියාවේ ධාවකයකු විසින් තත්ත්පර 10ට අඩුවෙන් මීටර් 100 (පිරිමි) ඉසව්ව නිමා කළ පළමු අවස්ථාව ලෙසයි.

ඉතාලියේ වෙසෙමින් තවදුරටත් නේවාසික පුහුණුවීම් හදාරා යුපුන්ගේ පුහුණු කටයුතු ප්‍රවර්ධනය සඳහා මීට පෙර අවස්ථාවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇමරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් ප්‍රදානය කිරීමට කටයුතු කළේය.


අදහස් (0)

යුපුන් නිහැඬියාව බිඳියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.