Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මැරතන් රන් පදක්කම ලෝක ශූර එලියුඩ්ට

මැරතන් රන් පදක්කම ලෝක ශූර එලියුඩ්ට

editorial - 2021 අගෝ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මැරතන් (පිරිමි) ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට කෙන්යාවේ එලියුඩ් කිප්චෝග් අද (8 වැනිදා) සමත් විය. නියමිත කිලෝ මීටර් 42.195 දුර නිමා කිරීම සඳහා පැය 2 යි, විනාඩි 08 යි, තත්ත්පර 38 ක කාලයක් ගත කරමින් ඔහු එම පදක්කමට හිමිකම් කීවේය.  

තිස්හය හැවිරිදි එලියුඩ්, මැරතන් ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන ක්‍රීඩකයාද වන අතර 2018 වසරේ පැවැති බර්ලින් මැරතන් තරගයේදී ඔහු පැය 2:01:39 ක කාලයක් වාර්තා කරමින් ඔහු එම වාර්තාව පිහිටුවා තිබිණ.

එලියුඩ්ගේ සිවුවැනි ඔලිම්පික් පදක්කම මෙය වන අතර මින් පෙර 2016 රියෝ ඔලිම්පික් උළේලේදී මැරතන් ඉසව්වේ රන් පදක්කම, 2008 බීජිං සහ 2004 ඇතෑන්ස් ඔලිම්පික් උළෙලවලදී පිළිවෙලින් මීටර් 5000 ඉසව්වේ ‍රිදී පදක්කම සහ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමටද ඔහු සමත්ව සිටියේය.

ඔලිම්පික් උළෙලෙ 2 කදී, ලෝක ශූරතාවකදී, රට හරහා දිවීමේ ලෝක ශූරතාවලියකදී සහ ලොව පුරා ප්‍රධාන පෙලේ මැරතන් තරගාවලි 8 කදී මේ දක්වා එලියුඩ් දිනාගෙන ඇති රන් පදක්කම් සංඛ්‍යාව 12 කි.

එලියුඩ්ට වඩා තත්ත්පර 1.20 ක් පසුපසින් තරගය නිමා කළ නෙදර්ලන්තයේ ඇබ්ඩි නගීයේ (පැය 2:09:58) එම ඉසව්වේ රිදී පදක්කම හිමිකරගත් අතර බෙල්ජියමේ බාෂිර් ඇබ්ඩි (පැය 2:10:00) එහි ලෝකඩ පදක්කමට හිමිකම් කීවේ එලියුඩ්ට වඩා තත්ත්පර 1.22 ක් පසුපසින් තරගය නිමා කරමිනි.


-036


අදහස් (0)

මැරතන් රන් පදක්කම ලෝක ශූර එලියුඩ්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.