Last Update  :  2024-04-26 16:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මැරතන් - ඇවිදීම - පාපැදි තරග 7 - 8

මැරතන් - ඇවිදීම - පාපැදි තරග 7 - 8

editorial - 2022 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙම වසරට නියමිත 47 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ මැරතන් ඇවිදීම හා පාපැදි (කාන්තා හා පිරිමි) ඉසව්  ඔක්තෝබර් 7-8 දෙදින ගම්පහ නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.  මෙම සියලු තරග ඉසව් එම දෙදින ගම්පහ ශ්‍රී බෝධි ක්‍රීඩාංගනය අසළින් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

ඒ සඳහා ඉදිරිපත් වන තරගකරුවන් හා තරගකාරියන් අදාළ පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරයාගේ නිර්දේශ සහිතව මෙම 30 වැනිදාට පෙර ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, අංක 9, පිලිප් ගුණවර්ධන මාවත, කොළඹ 7 යන ලිපිනයට යොමු කළ යුතුය.

අයැදුම්පත් සියලුම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරීන්, දිස්ත්‍රික්  ක්‍රීඩා සංවර්ධන නිලධාරීන් සහ ටොරින්ටන් පෙදෙසේ ජාතික ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු මූලස්ථානයෙන් ද ලබාගත හැකිය.

 

ජාතික මහ ක්‍රීඩා උළෙල මැරතන් පාපැදි ඇවිදීම තරග ඉසව් පැවැත්වෙන ආකාරය

♦ ඔක්තෝබර් 7 පෙරවරු 5.30: මැරතන් (පිරිමි හා කාන්තා ඉසව්)
පෙරවරු 9.40: පාපැදි (රේසින් - කාන්තා)

♦ ඔක්තෝබර් 8: පෙරවරු 5.45: ඇවිදීම (කාන්තා හා පිරිමි ඉසව්)
පෙරවරු 9.40: පාපැදි (රේසින් - පිරිමි)

- 223


අදහස් (0)

මැරතන් - ඇවිදීම - පාපැදි තරග 7 - 8

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.