Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මාරිස්ටෙලා - ලයිසියම් මලලක්‍රීඩා ශූරතා දිනති

මාරිස්ටෙලා - ලයිසියම් මලලක්‍රීඩා ශූරතා දිනති

editorial - 2023 ඔක් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කොළඹ සුගතදාස පිටියේදී දින පහක් පුරා පැවැති සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරඟාවලියේ දී දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත පුහුණු සංචිතයක් ආරම්භ කෙරේ. ලබන වසරේදී ශ්‍රී ලංකාවේ සත්කාරයෙන් මෙහිදී පැවත්වෙන ආසියානු පාසල් මලල් ක්‍රීඩා (වයස 18 න් පහළ) තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සුදානම් කිරීම එහි අරමුණ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන) උපාලි අමරතුංග මහතා පවසයි.

ක්‍රීඩා ඉසව් 30 කින් සමන්විතව මෙවරත් සංවිධානය වූ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වැයකර තිබෙන මුදල රුපියල් කෝටි හතක් පමණ වේ. එහිදී සමස්ත ක්‍රීඩා උළෙල ආවරණය වන පරිදි සකස් කළ පදක්කම් 7000 කට ආසන්න ගණනකට රුපියල් කෝටි 76 ක් වියදම් වී තිබේ. උපාලි අමරතුංග මහතා ‘ලංකාදීප’ ය කළ විමසුමක දී පැවැසුවේ සමන්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙලේ මැරතන් තරඟාවලිය හා වොලිබෝල් තරඟාවලියේ අවසන් තරග කිපයක් පමණක් තවත් පැවැත්වීමට ඉතිරිව තිබෙන බවයි.

වර්ෂාව හමුවේ කල් දමන ලද මැරතන් තරඟාවලිය ඒ අනුව නොවැම්බර් 11වැනිදා ගාල්ලේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

කෙසේවුවත් ලකුණු 1225 කට බස්නාහිර පළාත තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගනිද්දී අවසන් ස්ථානයට පත් නැගෙනහිර පළාත රැස්කර තිබුණේ ලකුණු 61ක් පමණි.

 

නව තරඟ වාර්තා 23 ක් මෙවර මලල ක්‍රීඩා තරඟාවලියේ දී වාර්තා විය.

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරඟ මාලාවේ ශූරතා දිනූ පාසල් (ශූරතාව අනු ශූරතාව – තෙවැනි ස්ථාන දිනූ පාසල් 1-2-3 ලෙස දක්වා ඇත.)

(වයස 14 න් පහළ)
(බාලක) - 1. බලන්ගොඩ ආනන්ද මෛත්‍රී මාධ්‍ය (20) 2. පන්නිපිටිය ධර්මපාල (17) 3. මහනුවර ත්‍රිත්ව (15)
(බාලිකා) – 1. වත්තල ලයිසියම් (30) 2. විහාරගල හා කොළඹ ගෝතමී (ලකුණු 17 බැගින්)


(වයස 16 න් පහළ)
(බාලක) - 1. මිගමුව මාරිස්ටෙලා (35) 2. කුරුණෑගල ශ්‍රිමත් ජෝන් කොතලාවල (31) 3. වත්තල ලයිසියම් (29)
(බාලිකා) - 1. අඹගමුව මධ්‍ය මහා (40) 2. වත්තල ලයිසියම් (33) 3. වලල ඒ රත්නායක මැදි (32)


(වයස 18 න් පහළ)
(බාලක) – 1. මීගමුව මාරිස්ටෙලා (37) 2. අකුරම්බොඩ වීර කැප්පෙටිපොල මධ්‍ය (30) 3. කොළඹ ශාන්ත බෙනඩික් (28)
(බාලිකා) - 1. වත්තල ලයිසියම් (65) 2. මාතර මධ්‍ය මහා (32) 3. ගම්පොළ වික්‍රමබාහු ජාතික (30)


(වයස 20 න් පහළ)
(බාලක) – 1. වත්තල ලයිසියම් (38) 2. කොළඹ ශාන්ත බෙනඩික් හා හලාවත ශාන්ත මරියා (36 බැගින්)
(බාලිකා) - 1. වලල ඒ රත්නායක මධ්‍ය (88) 2. ගම්පහ සිරිකුරුස (44) 3. රත්නපුර සුමන බාලිකා (33)


(තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ)
(වයස 14 පහළ)
(බාලක) – මයෝන් චිරාන් (වේල්ස් කුමර – දක්ෂතාවය – යගුලිය – මිටර් 15.13 නව වාර්තාවකි
(බාලිකා) - දිලිනි නෙත්සරා රාජපක්ෂ (වත්තල ලයිසියම් දුර පැනීම – මීටර් 5.56)


(වයස 16 න් පහළ)
(බාලක) – බිනිඳු බෝජිත (මාතර රාහුල – කවපෙත්ත – මීටර 55.40)
(බාලිකා) - තරුණි අභිෂේකා (ගම්පොළ වික්‍රමබාහු ජාතික- මීටර් 800- විනාඩි 2 තත්. 12.74)


(වයස 18න් පහළ)
(බාලක):- අයෝමාල් අකලංක (අඹගමුව මැදි- දක්‍ෂතාවය:- මීටර 400- කඩුලු තත්පර 51.10)
(බාලිකා):- ජිත්මා විජේතුංග (වත්තල ලයිසියම්- මීටර 400- තත්. 56.69)


(වයස 20න් පහළ)
(බාලක):- කේ.වී.එම්. යසිරු (කහවත්ත මධ්‍ය මහ- තුන්පිම්ම- මීටර 15.93- නව වාර්තාවකි.
(බාලිකා):- තරුෂි දිල්සරා කරුණාරත්න (වලල ඒ රත්නයක මැදි- මීටර 400- තත්පර 53.21-නව වාර්තාවකි)


(සමස්ත ලංකා සහය දිවීමේ ශූරතා)
(බාලක):- 1. කොටහේන බෙනඩික්ට් (34), 2. මීගමුව මාරිස්ටෙලා (30), 3. කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල (17)
(බාලිකා):- 1. වලල ඒ රත්නායක මැදි (30), 2. අඹගමුව මධ්‍ය මහ (27), 3. වත්තල ලයිසියම් (25)


(විශේෂ ශූරතා)
* විසි කිරීමේ ඉසව්හි හොඳම දක්‍ෂතාවය:- බිනිදු බෝජික (කවපෙත්ත- වයස 16 න් පහළ- මීටර 55.40- මාතර රාහුල)
* ධාවන ඉසව්හි හොඳම දක්‍ෂතාවය- තරුණි දිල්සරා කරුණාරත්න (මීටර 400- 20න් පහළ- තත්පර 53.21 නව වාර්තාවකි- වලල ඒ රත්නායක මැදි)
* කඩුලු පැනීමේ ඉසව්හි හොඳම දක්‍ෂතාවය:- අයොමාල් අකලංක (අඹගමුව මැදි- මීටර 400- කඩුලු- තත්පර 51.10- නව වාර්තාවකි)
* පැනීමේ ඉසව්හි හොඳම දක්‍ෂතාවය:- කේ.වී.එම්. යසිරු (කහවත්ත මැදි- තුන්පිම්ම- වයස 20න් පහළ මීටර 15.93)


* (සමස්ත ශූරතා ප්‍රදානය):-
(බාලක)- 1. මීගමුව මාරිස්ටෙලා (90), 2. වත්තල ලයිසියම් (84), 3. කොළඹ ශාන්ත බෙනඩික්ට් (75)
(බාලිකා) 9- 1. වත්තල ලයිසියම් (160), 2. වලල ඒ රත්නායක මැදි (149), 3. අඹගමුව මැද (63)


* තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා:- කහවත්ත මැදි විදුහලේ කේ.වී.එම්. යසිරු (තුන්පිම්ම- මීටර 15.93)
* තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩිකාව:- වලල ඒ රත්නායක මැදි විදුහලේ තරුෂි දිල්සරා කරුණාරත්න (මීටර 400- තත්පර 53.21- නව වාර්තාවකි)
පළාත්හි ලකුණු හිමි කර ගැනීම්:- 1. බස්නාහිර (1224.5), 2. මධ්‍යම (556), 3. දකුණු (339), 4. වයඹ 285.5), 5. සබරගමුව (225.5), 6. ඌව (141), 7. උතුර (98), 8. උතුරුමැද (90), 9. නැගෙනහිර (61).

 

සමස්ත බාලක ශූරතාව දිනාගත් මීගමුව මාරිස්ටෙලා විදුහල් කණ්ඩායම 

 

 

සමස්ත බාලිකා ශූරතාව දිනාගත් ලයිසියම් ජාත්‍යන්තර විදුහල් කණ්ඩායම 


අදහස් (0)

මාරිස්ටෙලා - ලයිසියම් මලලක්‍රීඩා ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.