Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මාර්ග ධාවන ශූරතාව සේවා බලකායට

මාර්ග ධාවන ශූරතාව සේවා බලකායට

editorial - 2022 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථාන පරිශ්‍රයේ සිට පනාගොඩ යුද හමුදා කඳවුර දක්වා ඉරිදා (2 වැනිදා) පැවැති 56 වැනි යුද හමුදා අන්තර් රෙජිමේන්තු මාර්ග ධාවන තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාව දිනාගැනීමට යුද හමුදා සේවා බලකාය සමත් විය. එහි සමස්ත කාන්තා ශූරතාව දිනාගනු ලැබුවේ යුද හමුදා කාන්තා බලකාය විසිනි.

කිලෝ මීටර 21 කින් සමන්විත වූ මෙම මාර්ග ධාවන තරගාවලිය සඳහා ක්‍රීඩකයෝ 119 දෙනෙක් සහ ක්‍රීඩිකාවෝ 28 දෙනෙක් සහභාගි වූහ. එහිදී පිරිමි ශූරතාව දිනාගැනීමට කාලතුවක්කු රෙජිමේන්තුව නියෝජනය කළ කේ. සම්මුගේෂ්වරන්ද, කාන්තා ශූරතාව දිනාගැනීමට කාන්තා බලකායේ පී.ඩබ්ලිව්. හේරත්ද සමත් වූහ.

මෙම මාර්ග ධාවන තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් ජගත් කොඩිතුවක්කු ඇතුළු යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.


තරග ප්‍රතිඵල

පිරිමි සමස්ත ශූරතාව
1 යුද හමුදා සේවා බලකාය
2 යුද හමුදා කාලතුවක්කු රෙජිමේන්තුව
3 විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය

කාන්තා සමස්ත ශූරතාව
1 යුද හමුදා කාන්තා බලකාය
2 යුද හමුදා පොදු සේවා බලකාය

පිරිමි ශූරතාව
1 කේ. සම්මුගේෂ්වරන් (කාලතුවක්කු රෙජිමේන්තුව)
2 එස්.එම්. ගුණසේකර (සිංහ රෙජිමේන්තුව)
3 කේ.කේ.එල්. ප්‍රමෝද් (පාබල රෙජිමේන්තුව)

කාන්තා ශූරතාව
1 පී.ඩබ්ලිව්. හේරත් (කාන්තා බලකාය)
2 එම්.පී. හේරත් (පොදු සේවා බලකාය)
3 ඒ.එස්.එන්. බණ්ඩාර (කාන්තා බලකාය)

-036

 


අදහස් (0)

මාර්ග ධාවන ශූරතාව සේවා බලකායට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.