Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මලල ක්‍රීඩා ශූරතාව පාබල ක්‍රීඩා සමාජයට

මලල ක්‍රීඩා ශූරතාව පාබල ක්‍රීඩා සමාජයට

editorial - 2022 ජුලි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නව වාර්තා 12ක් වාර්තා වූ ජාතික පැරලිම්පික් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ සමස්ත ශූරතාව යුද හමුදා පාබල ක්‍රීඩා සමාජයට හිමිවිය. සුගතදාස ක්‍රීඩාංගනයේදී දෙදිනක් පුරා පැවැති මෙවර ජාතික පැරලිම්පික් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට විශේෂ අවශ්‍යතා සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 400 දෙනෙකු පමණ සහභාගි වූහ.

මෙවර තරගාවලියේ විශේෂිතම සිදුවූයේ ටෝකියෝ ඔලිම්පික් ලෝකඩ පදක්කම් ලාභී ක්‍රීඩක සමිත දුලාන් කොඩිතුවක්කු හෙල්ල විසි කිරීම – එක් පාදයක් අහිමි හෝ අප්‍රාණික (පිරිමි) ඉසව්වෙන් මීටර 66.60 ක  දක්ෂතාවයක් දක්වමින් එම ඉසව්වේ ලෝක වාර්තාව අබිබවා යාමට සමත් වීමයි. එහෙත් එය නිල ලෝක වාර්තාවක් ලෙස නොසැළකෙන අතර ඊට හේතුව ශ්‍රී ලංකාවේ ජාතික පැරලිම්පික් තරගාවලිය ජාත්‍යන්තර ශ්‍රේණිගත තරගාවලියක් නොවීමයි.

ජාතික පැරලිම්පික් කමිටුව මෙවරත් සංවිධානය කළ තරගාවලියේ දක්ෂතා දැක්වූවන් එළඹෙන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා පැරලිම්පික් මලල ක්‍රීඩා කණ්ඩායම නිර්දේශ ලබන ජාතික පැරලිම්පික් මලල ක්‍රීඩා සංචිතයට තෝරා ගැනීමට නියමිතය. ඩයලොග් ආසියාටා සමාගම හා මාස් හෝල්ඩින්ග්ස් ආයතනය තරගාවලියට අනුග්‍රාහය දැක්වූහ.

ඡායාරූප:- ජාතික පැරලිම්පික්  මලල ක්‍රීඩා සමස්ත ශූරතාව දිනාගත් යුද හමුදා පාබල ක්‍රීඩා සමාජයට උත්සවයේ ඩයලොග් ආසියාටා සමාගමේ ප්‍රධාන තාක්ෂණ නිලධාරී ප්‍රදීප් අල්මේදා මහතා අතින් ශූරතා කුසලාන ප්‍රදානය කළ අයුරු. ජාතික පැරලිම්පික් කමිටුවේ සභාපති කර්නල් දීපාල් හේරත් මහතා ද මෙහි වෙති. මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයන් ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, හිටපු ජාතික පිහිනුම් ශූර ජුලියන් බෝලින්, මාස් හෝල්ඩින්ග්ස් ආයතනයේ ප්‍රධාන තාක්ෂණ නිලධාරි රනිල් විතාණ යන මහත්වරු ද සහභාගි වූහ.


- 223


අදහස් (0)

මලල ක්‍රීඩා ශූරතාව පාබල ක්‍රීඩා සමාජයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.