Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics බර්මින්හැම් පැරා පිටියට පාලිත

බර්මින්හැම් පැරා පිටියට පාලිත

editorial - 2022 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

වසර 2022 බර්මින්හැම් පොදු රද මඩුලු ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැත්වෙන එහි ‘පැරා’ (විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා වන) ක්‍රීඩා තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් පිටියේ ඉසව් ක්‍රීඩකයෙකු වන පාලිත බණ්ඩාර නිර්දේශ කර තිබේ.

මෙවර එහි ශ්‍රී ලංකාවේ සහභාගිත්වය මෙම ක්‍රීඩකයාට පමණක් සීමාවන අතර පාලිත බණ්ඩාර හා ඔහුගේ පුහුණුකරු ප්‍රභාත් ධනුෂ්ක පෙරේරා මහතා මේ වනවිට බර්මින්හැම් නුවර බලා පිටත්ව ගොස් තිබේ.

ජාතික පැරලිම්පික් කමිටුව ප්‍රකාශ කරන්නේ එහිදී තරගාවලියට පෙර පැවැත්වෙන විශේෂ පැරා ක්‍රීඩා පුහුණු වැඩමුළුවකට ද ඔවුන් සහභාගිවීමට නියමිත බවයි.

ඒ අනුව ලබන අගෝස්තු 3 වැනිදා පාලිත බණ්ඩාර බර්මින්හැම් පොදු රද මඩුලු ක්‍රීඩා උළෙලට තරග වදින්නේ ටී-44 කාණ්ඩය හෙවත් එක් පාදයක් දණ හිසට පහළින් අහිමි හෝ ඒ හා සමාන තත්ත්වයක් යටතේ වන කවපෙත්ත විසි කිරීම (පිරිමි) ඉසව්ව සඳහාය.

එහෙත් පාලිත බණ්ඩාර ටෝකියෝ පැරලිම්පික් ක්‍රීඩා උළෙලේදී තරග වැදුණේ ටී-44 කාණ්ඩයෙන් යගුලිය විසි කිරීම (පිරිමි) ඉසව්ව සඳහාය. එහිදී ඔහු පස්වැනි ස්ථානය ලැබීය.

පාලිත බණ්ඩාර යුද හමුදාව නියෝජනය කරන ක්‍රීඩකයෙකි. ජාතික පැරලිම්පික් කමිටුව ප්‍රකාශ කරන්නේ මෙවර ක්‍රීඩා උළෙල්දී ඔහුගෙන් පදක්කමක් අපේක්ෂා කරන බවයි.

එංගලන්තයේ බර්මින්හැම් නුවරදී ජූලි 28 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පරිවාර නිලධාරීන් 165 දෙනෙකුගෙන් සමන්විත නිල කණ්ඩායමක් සහභාගි කරන බව ජාතික ඔලිම්පික් කමිටුව පවසයි.

පැරලිම්පික් ක්‍රීඩා උළෙල හා පැරා ආසියානු ක්‍රීඩා උළෙල වෙනම ක්‍රීඩා උළෙල ලෙස සංවිධානය වුවත් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල යටතේම එහි පැරා හෙවත් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා වන ක්‍රීඩා ඉසව්ද පැවැත්වේ.

 


අදහස් (0)

බර්මින්හැම් පැරා පිටියට පාලිත

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.