Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
වසර 2024 පැවැති පැරිස් පැරලිම්පික් ක්‍රීඩා උළෙලේදී හා ජපානයේදී පැවැති ලෝක පැර මලල ක්‍රීඩා තරගාවලියේදී පදක්කම් දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට රජයෙන් හිමි විය යුතු බව කියන ත්‍යාග මුදල් ලබාදීමට මේ දක්වා ක්‍රීඩා අමාතාංශය අපෝහෝසත් වී ඇතැයි චෝදනා නැගේ. මේ සම්බන්ධයෙන් වත්මන් ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ, නියෝජ්‍ය ඇමැතිවරුන් වන සුගත් තිලකරත්න හා එරංග ගුණසේකර යන මහත්වරුන් අවස්ථා කීපයකදීම දැනුවත් කළත් එයින් සිය ප්‍රශ්නයට කිසිදු විසදුමක් මෙතෙක් යෝජනාවී නැතැයි ඔවුහු පෙන්වා දෙති.
පිළිගත් ජාත්‍යන්තර ජයග්‍රහණ අත් කර ගත් මෙරට (මලල) ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකට පසු ගිය කාලය පුරා ජාතික ක්‍රීඩා අරමුදල ඔස්සේ රුපියල් කෝටි ගණනින් මුදල් ත්‍යාග ප්‍රදානය කිරීමට එතෙක් කටයුතු කරමින් සිටි ක්‍රීඩා ඇමැතිවරුන් රැසක් උනන්දුවී තිබුණි.
අවසන් වරට වසර 2023 ඔක්තෝබර් 22 සිට 28 වැනිදා දක්වා චීනයේදී පැවැති ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනකු හා ඔවුන්ගේ පුහුණුකරුවන් 11 දෙනකුට රුපියල් කෝටි හතකට ආසන්න මුදලක් ක්‍රීඩා අරමුදලෙන් ප්‍රදානය කළේ පසුගිය 2024 ජූලි මාසයේ ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවැති උත්සවයකදී එවකට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසිනි. එහිදීම තවත් රුපියල් කෝටි හයකට වැඩි මුදලක් තෑගි ලෙස ප්‍රදානය වූයේ 2023 සැප්තැම්බර් 23 වැනිදා සිට ඔක්තෝබර් 08 වැනිදා දක්වා චීනයේදී පැවැති ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී පදක්කම් දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11දෙනකු හා ඔවුන්ගේ පුහුණුකරුවන් 20 දෙනකු වෙනුවෙනි.
එහිදී ආසියානු පැරා ක්‍රීඩා මීටර 100 ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගත් ශ්‍රී ලංකා පැරා ක්‍රීඩක නුවන් ඉන්දිකට රුපියල් එක් කෝටි හතළිස් ලක්ෂයක මුදලක් හා ඔහුගේ පුහුණුකරු වයි. කේ.කුලරත්න මහතාට රුපියල් විසි ලක්ෂයක මුදලක්ද ප්‍රදානය කෙරුණි. එහිදීම ආසියානු ශූරතා රන් පදක්කම්ලාභී ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්නට රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක්ද ඇගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතාට රුපියල් ලක්ෂ 50 ක පමණ මුදලක්ද ප්‍රදනය කෙරුණි.
කෙසේවූවත් වසර 2024 දී ජපානයේදී පැවැති ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී ටී - 42 හෙවත් දණහිසෙන් ඉහළ එක් පාදයක් අහිමි හෝ අප්‍රාණික කාණ්ඩය යටතේ යගුලිය විසි කිරීම (පිරිමි) ඉසව්වෙන් රිදී පදක්කමක් දිනූ පාලිත බන්ඩාර,එහිදීම ටී - 44 හෙවත් එක් පාදයක් දණ හිසෙන් පහළ අහිමි හෝ අප්‍රාණික කාණ්ඩය යටතේ මීටර 100 (පිරිමි) ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ලද එම්.ජී.නුවන් ඉන්දික,2024 පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී හා ජපානයේදී පැවැති 2024 ලෝක ශූරතා මලල ක්‍රිඩා තරගාවලියේදී එෆ් - 44 හෙවත් එක් පාදයක් දණ හිසෙන් පහළ අහිමි හෝ අප්‍රාණික කාණ්ඩය යටතේ හෙල්ල විසි කිරීම (පිරිමි) ඉසව්වෙන් රිදී පදක්කම් දෙකක් දිනා ගත් සමිත දුලාන්,මෙලෙස ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඒ සදහා වන තෑගි මුදල් අපේක්ෂාවෙන් පසු වන්නෝ වෙති.
ඒ පිළිබදව ඔවුන් පවසන්නේ මාසිකව පැරා ක්‍රීඩකයකුට පුහුණුවීම් සදහා අවම රුපියල් ලක්ෂ එකහාමාරක පමණ වැයක් දැරිමට සිදුවී තිබෙන බවයි.
රජය විසින් පිළිගත් ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි පදක්කම් හා ජයග්‍රාහණ හිමි කර ගන්නා ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්, කණ්ඩායම් හා ඔවුන්ගේ පුහුණුකරුවන් සදහා හදුන්වාදී තිබෙන නිල මුදල් ත්‍යාග පිරිණැමීම් නිර්නායකයන් මීට පෙර ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබුණි.
සුනිල් කුමාර ගමගේ මහතාට කලින් පත්ව සිටි මෙරට ක්‍රීඩා ඇමැතිවරුන් බහූතරයක් එම ත්‍යාග පිරිණැමීම් ක්‍රියාත්මක කිරීමට උනන්දුවී තිබේ. කෙසේවූවත් වත්මන් ක්‍රීඩා ඇමැතිවරයා පත්වන විට ඒ සදහා ප්‍රදානය කිරීම් කළ ජාතික ක්‍රීඩා අරමුදල හිස්ව තිබූ බව වාර්තා විය.
මෙම පැරා පදක්කම්ලාභීන් පවසන්නේ මේ පිළිබදව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී ප්‍රනාන්දු මෙනවිය මුණ ගැසී දැනුවත් කර සිටි අවස්ථාවකදී ඒ පිළිබදව ඇය ක්‍රීඩා ඇමැතිවරයාගේ අවධානයට යොමු කිරීමට පොරොන්දූ වූ බවයි. ඒ පිළිබදව නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා මුණ ගැසුණු අවස්ථාවකදී ජාතික පැරලිම්පික් කමිටුවේ සභාපතිවරයා ඒ පිළිබදව ඔහු දැනුවත් කිරීමටද පියවර ගෙන තිබේ.
ඒ අතරම සිය ක්‍රීඩකයන්ගේ මෙම ගැටළුව ව්සදා ගැනීමට අදාළව ලිපි ලේඛන හා ලියකියවිලි ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා අතට බාරදීමටද ජාතික පැරාලිම්පික් කමිටුවේ ප්‍රධානින් කටයුතු කර තිබෙන බවත් මෙම ක්‍රීඩකයෝ පෙන්වා දෙති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.