Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී නිමාව දුටු ජාතික පැරා මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි ශූරතාව ශ්‍රී ලංකා පාබල හමුදා ක්‍රීඩා සමාජය විසින්ද කාන්තා ශූරතාව මොනරාගල වෙල්ලස්ස ක්‍රීඩා සමාජය විසින්ද දිනා ගන්නා ලදී.
ක්‍රීඩා සමාජ 45 කින් මේ සදහා විශේෂ අවශ්‍යතාවයන් සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 600 වැඩි පිරිසක් සහභාගි වූහ.
මෙහි කනිෂ්ඨ කාන්ඩයේ පිරිමි ශූරතාව කොළඹ හීරෝස් ක්‍රීඩා සමාජය විසින් දිනා ගනිද්දී එහි කාන්තා ශූරතාව හිමි වූයේ නාරහේන්පීට සෙරික් ක්‍රීඩා සමාජයටයි.
විශේෂ අවශ්‍යතා සහිත කාන්ඩ තුනක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තරග ඉසව් සදහා සහභාගි වූහ.ඩයලොග් ආසියාටා සමාගම තරගාවලියට අනුග්‍රහය දැක්වීය.
ජය සංකේත ප්‍රධානෝත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ අනුග්‍රාහක ඩයලොග් ආසියාටා සමාගම වෙනුවෙන් එහි ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී හා ඩයලොග් ටෙලිවිෂන් වයාපාර ප්‍රධානී පුබුදු අලුත්ගෙදර මහතා අතින් ශූරතා කුසලාන ප්‍රදානය කළ අයුරු. ජාතික පැරාලිම්පික් කමිටුවේ සභාපති ලුතිනන් කර්නල් දීපාල් හේරත් මහතාද මෙහි වෙති
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.