සුගතදාස කී‍්‍රඩාංගණයේදී අද (16 වැනිදා) ආරම්භ වූ 91 වැනි ජාතික මලල කී‍්‍රඩා ශූරතාවලියේ පළමු දිනයේදී කැපීපෙනෙන දස්කම් පළ නොවිණ. පසුගිය 3 වැනිදා නිමාවට පත්වූ ජාතික මහා කී‍්‍රඩා උළෙලේදී රන් පදක්කම් ලාභීන්වූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් කීපදෙනෙකුත් එහිදී පසුබෑමකට ලක්වූ අතර එහිදී කවපෙත්ත විසිකිරීම (කාන්තා) ඉසව්වේ රන් පදක්කම දිනාගත් ඩබ්. එම්. එස්. කේ. වීරසිංහ පරාජයට පත්කරමින් ඊයේ එම තරගය ජයගැනීමට පාසල් සිසුවියක් වන අමන්ති සිල්වා සමත් වූවාය.
ඊයේ තරගාවලිය නිමාවට පත්කරමින් පැවති මීටර් 10,000 කාන්තා ඉසව්ව චතුරිකා හේමමාලි ජයගත්තේ විනාඩි 35 තත්ත්පර 36.55 කටය. චන්ද්‍රිකා සුභාෂිණී රස්නායක ඉදිරිපත් නොවූ මීටර 200 (කාන්තා) ඉසව්ව ජානි චතුරංගනී ද සිල්වා ජයගත්තේ තත්ත්පර 24.83 කටය. චන්ද්‍රිකා ජාතික මහා කී‍්‍රඩා උළෙලේදී එහි රන් පදක්කම දිනාගත්තේ තත්ත්පර 24.44 කටය.
හෙට (17) තරගාවලියේ දෙවැනි දිනයේ අවසන් තරග ඉසව් 16 ක් පැවැත්වේ.
ඊයේ (16) දිනයේ තරග ප‍්‍රතිඵල
දුර පැනීම (කාන්තා)
1. එන්.සී.ඞී. ප‍්‍රියදර්ශනී (නාවික හමුදාව) - මී 5.97
2. එල්.ඞී.ඊ. රත්නසිරි (ගුවන් හමුදාව) - මී 5.86
3. ආර්.ඩබ්.අයි. මධුවන්ති (ගුවන් හමුදාව) - මී 5.80
කවපෙත්ත විසිකිරීම (කාන්තා)
1. අවන්ති සිල්වා (පාසල්) - මී 43.40
2. ඩබ්.එම්.කේ.එස්. වීරසිංහ (ගුවන් හමුදාව) - මී 38.99
3. පී.කේ.ඒ. මධුවන්ති (ගුවන් හමුදාව) - මී 34.90
උස පැනීම (කාන්තා)
1. සඳමාලි සූරියගම්පොළ (ගුවන් හමුදාව) - මී 1.78
2. ඞී.කේ. රණසිංහ (නාවික හමුදාව) - මී 1.78
3. එල්.ජී.ඒ.ටී. විනෝදනී (යුද හමුදාව) - මී 1.70
මීටර 3000 ධාවන (කාන්තා)
1. යූ.කේ.එන්. රත්නායක (යුද හමුදාව) - වි 10: තත්.41.76
2. එච්.කේ.අයි.ටී. උදයකුමාරි (යුද හමුදාව) වි 12: 12.20
3. ඒ.ජේ.ආර්.ඒ. පෙරේරා (යුද හමුදාව) වි 12: 28.35
මීටර 200 (කාන්තා)
1. ජානි චතුරංගනී සිල්වා (නාවික හමුදාව) - තත් 24.83
2. එම්.ඞී.එල්. ප‍්‍රනාන්දු (ගුවන් හමුදාව) - තත් 25.09
3. පී.ඞී.වයි.එන්. අබේවික‍්‍රම (ගුවන් හමුදාව) - තත් 25.49
මීටර 200 (පිරිමි)
1. කසුන් සෙනවිරත්න (නාවික හමුදාව) - තත් 21.60
2. ආර්.ජේ.එම්. ජයසේකර (නාවික හමුදාව) - තත් 21.70
3. සම්පත් කුමාර (යුද හමුදාව) - තත් 21.79
රිටි පැනීම (පිරිමි)
1. එම්.එච්.අයි. සඳරුවන් (ගම්පහ) - මී 4.60
2. එල්.ඒ.ආර්.කේ. බාලසූරිය (ගුවන් හමුදාව) - මී 4.40
කවපෙත්ත විසි කිරීම (පිරිමි)
1. කේ.ජී.යූ.පී. ජයවර්ධන (ලංකා ලයන්ස්) - මීටර 43.45
2. ටී.ජී.ඞී. චතුරංග (හම්බන්තොට) - මී 42.11
3. එම්.ආර්.යූ. පෙරේරා (යුද හමුදාව) - මී 40.81
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.