Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics නදීෂා මීටර පහකින් පහළට

නදීෂා මීටර පහකින් පහළට

editorial - 2023 අගෝ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

හංගේරියාවේ බුඩාපෙස්ට් නුවරදී දැන් පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ හෙල්ල විසි කිරීම (කාන්තා) ඉසව්වේ මූලික වටයට අද (23) සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකා නදීෂා දිල්හානි ලේකම්ගේගේ දක්ෂතා මීටර 55.89කට සීමා වූවාය.

එය ඇයට සිකුරාදා (25) පැවැත්වෙන ඉසව්වේ අවසන් තරගයට ප්‍රවේශවීමට කිසිසේත් ප්‍රමාණවත් නොවූ අතර, ඊයේ ඉසව්වේ මූලික වටයේ සමස්ත ප්‍රතිඵලයට අනුව නදීෂා පසුවූයේ 22 වැනි ස්ථානයේය.

අවසන් තරගයට අද නිර්දේෂ ලබාගත් ක්‍රීඩිකාවෝ 12 දෙනා අතර ලැට්ටියාවේ ක්‍රීඩිකා ලීනා මුසී සිර්වා මීටර 63.50කට පළමු තැන ගනිමින් මෙවර හෙල්ල විසි කිරීම කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමේ වැඩිම අවස්ථාව හිමි කරගෙන තිබුණි.

තායිලන්තයේදී පසුගිය ජූලි 12 වැනිදා ආසියානු ශූරතා තරගාවලියට සහභාගි වෙමින් මීටර 60.93කට ලෝකඩ පදක්කම දිනා ගැනීමේ විශේෂත්වය වූයේ එය එතෙක් ඉසව්වේ හොඳම දක්ෂතාව මෙන්ම එය එහි අලුත්ම ශ්‍රී ලංකා වාර්තාව බවට ද පත්වීමයි.

36 හැවිරිදි මෙම ක්‍රීඩිකාව මෙවර ලෝක ශූරතා තරගාවලියට සහභාගි වූ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවයි. ඊයේ ඉසව්වට තරග වැදුණු ඉන්දීය ක්‍රීඩිකා අනු රානි මීටර 57.05ක දක්ෂතාවක් දක්වමින් මූලික වටයේ සමස්ත ප්‍රතිඵලයට අනුව 19 වැනි ස්ථානයේ පසුවූවාය.


අදහස් (0)

නදීෂා මීටර පහකින් පහළට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.