Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics දකුණු ආසියානු රට හරහා දිවීමට 12 ක්
දකුණු ආසියානු රට හරහා දිවීම

දකුණු ආසියානු රට හරහා දිවීමට 12 ක්

editorial - 2021 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

පළමු වතාවට සංවිධානය වන දකුණු ආසියානු ශූරතා රට හරහා දිවීමේ තරග මාලාවට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනෙකු නිර්දේශ වී තිබේ. ඒ ඊයේ (12) දියගම දී පැවැති තේරීම් තරගාවලිය නිමාවේදීය.

කාන්තා හා පිරිමි කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ කාණ්ඩ හතරක් සඳහා පැවැති මෙම තේරීම් තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 200 ක් පමණ සහභාගි වූ බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ මාධ්‍ය ප්‍රකාශක ජී.එල්.එස්. පෙරේරා මහතා පැවසීය.

පළමු වතාවට දකුණු ආසියානු රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් ලබන ජනවාරි 15 වැනිදා ඉන්දියාවේ නාගලන්ත ප්‍රාන්තයේ ‘කොහීමා’ නගරයේදී මෙම තරගාවලිය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

එහිදී ඉසව් හතරේ තෙවැනි ස්ථානය දක්වා පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනකු තරග සංචාරය සඳහා නිර්දේශ කිරීමට ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

දියගම දී පැවැති තේරීම් තරගාවලියේදී පිරිමි - ජ්‍යෙෂ්ඨ ඉසව්ව ජයගත්තේ බාධක දිවීමේ ශූරයකු වන යුද හමුදා ක්‍රීඩක ආර්.එම්.එස්. පුෂ්පකුමාර විසිනි.

මධුමාලි පෙරේරා කිලෝමීටර 10ක් දුරැති එහි කාන්තා ඉසව්ව ජයගෙන දකුණු ආසියානු රට හරහා දිවීමේ තරගාවලියට ඉහළින්ම නිර්දේශ වූවාය.

කේ.එම්. ජාලිය සගීත් කිලෝමීටර් අටක දුරක් විනාඩි 29කදී සම්පූර්ණ කරමින් ඒ සඳහා පිරිමි - කනිෂ්ඨ ඉසව්වෙන් පළමුව නිර්දේශ තහවුරු කර සිටියේය.
 
එහි කාන්තා ඉසව්වේ හොඳම නිමි කාලය විනාඩි 25 තත්පර 3කට වාර්තා කළ ඩබ්.එම්. කසුනි, දකුණු ආසියානු රට හරහා දිවීමේ තරග සංචාරයට නිර්දේශ ලබා ගත්තාය.


පළමු දකුණු ආසියානු ශූරතා රට හරහා දිවීමේ තේරීම් තරගාවලියේ ප්‍රතිඵල

කාන්තා - ජ්‍යෙෂ්ඨ (කිලෝමීටර 10)
1. මධුමාලි පෙරේරා (නාවික හමුදාව – විනාඩි 39 තත්පර 22)
2. එච්.එම්.ඩබ්ලිව්. හේරත් (යුද හමුදාව – 39.40)
3. එච්.එම්.සී.එස්. හේරත් (යුද හමුදාව – 39.41)


පිරිමි - ජ්‍යෙෂ්ඨ (කිලෝමීටර 10)
1. ආර්.එම්.එස්. පුෂ්පකුමාර (යුද හමුදාව – විනාඩි 32 තත්පර 09)
2. එස්.ආර්.ඩබ්. විජේවික්‍රම (යුද හමුදාව – 32.10)
3. කේ. ෂන්මුගේෂ්වරන් (යුද හමුදාව – 32.23)


කාන්තා - කනිෂ්ඨ (කිලෝමීටර 06)
1. ඩබ්.එම්. කසුනි (විනාඩි 25 තත්පර 03)
2. ජී.ඩබ්.ඕ.එන්. ෆොන්සේකා (25.39),
3. හෂිණි ලක්ෂාණි (26.22)


පිරිමි - කනිෂ්ඨ (කිලෝමීටර – 08)
1. කේ.එම්. ජාලිය සංගීත් (විනාඩි 28 තත්පර 59)
2. අසේල බෙනඩික්ට් (29.05)
3. ඒ.පී.සී. මධුභාෂණ

 


අදහස් (0)

දකුණු ආසියානු රට හරහා දිවීමට 12 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.