
කටුනායක ටී.කේ.ජී.කපිල
ඉන්දියාවේ රංචි නුවරදී පැවති දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලළ ක්‍රීඩා තරගාවලියට සහභාගී වී රන් පදක්කම් 16 ක් , රිදී පදක්කම් 14 ක් සහ ලෝකඩ පදක්කම් 10 ක් වශයෙන් සමස්ත තරගාවලියේ පදක්කම් 40 ක් දිනා ගෙන අනුශූරතාවය හිමි කර ගත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම ඊයේ නැවතත් ශ්‍රී ලංකාවට පැමිණියේය.
මෙම තරගාවලිය පසුගිය සති අන්තයේදී දකුණු ආසියානු කළාපයේ රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ රංචි නුවරදී පැවැත්විණ
ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස පිළිගැනීම සදහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ , ත්‍රිවිධ හමුදා වල ක්‍රීඩා අංශ නියෝජනය කරන නිලධාරීන්, පාසල්වල ගුරු භවතුන් සහ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මවුපියවරු ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.