Last Update  :  2024-05-12 21:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics දක්ෂතම ක්‍රීඩකයා - රොෂාන් දක්ෂතම ක්‍රීඩිකාව - රිද්මා

දක්ෂතම ක්‍රීඩකයා - රොෂාන් දක්ෂතම ක්‍රීඩිකාව - රිද්මා

editorial - 2024 පෙබ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(බෙලිහුල්ඔය - ප්‍රින්ස් රත්නායක)

ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ 2023 වසරේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස රොෂාන් ධම්මික රණතුංග සහ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස රිද්මා අබේරත්න අගැයීමට ලක්විය. ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ 28වැනි සැමරුම් දින පැවති 2 වැනිදා විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්. සුනිල් ශාන්ත මහතා වෙතින් ඔවුහු තිළිණ ලබා ගත්හ.

රොෂාන් ධම්මික රණතුංග 2024 වසරේ මලල ක්‍රීඩා දෙවැනි (ජාතික) තේරීම් තරගයේදී මීටර් 110 කඩුලු‍ මතින් දිවීම ප්‍රථම ස්ථානය, 2023 චීනයේ චෙන්ග්ඩුහි පැවති ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා තරගාවලිය නියෝජනය, එම වරෂයේ විශ්වවිද්‍යාල ක්‍රීඩා තරගාවලියේ 110 කඩුලු‍ (නව තරග වාර්තාව) මී.200 ප්‍රථම, 100x4 සහාය (නව තරග වාර්තාව) උස පැනීම 2 වැනි ස්ථානයද හිමිකර ගන්නා ලදී.

රිද්මා අබේරත්න ක්‍රීඩිකාව ආසියානු තේරීම් තරගාවලියේ දුර පැනීම තෙවැනි ස්ථානය දිනා ජාතික යෞවන ක්‍රීඩා තරගාවලියේ දුරපැනීම නව තරග වාර්තාව සමඟ පළමුවැනි ස්ථානය, යුද හමුදා මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ ප්‍රථම ස්ථානය, ආරක්ෂක සේවා තරගාවලියේ ප්‍රථම ස්ථානය, 2023 ලෝක විශ්වවිද්‍යාල තරගාවලිය (චීනය) සහභාගීත්වය, 2023 වර්ෂයේ විශ්වවිද්‍යාල ක්‍රීඩා තරගාවලියේ දුර පැනීම, තුන් පිම්ම මීටර් 100x4 සහාය තරගාවලියේ පළමුවැනි ස්ථානයන් ත්‍රිත්වයක් නව තරග වාර්තා සමගින් ලබා ගෙන ඇත.


අදහස් (0)

දක්ෂතම ක්‍රීඩකයා - රොෂාන් දක්ෂතම ක්‍රීඩිකාව - රිද්මා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.