Last Update  :  2024-05-12 21:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ඩකා මැරතන් ලෝකඩ පදක්කම ලංකාට

ඩකා මැරතන් ලෝකඩ පදක්කම ලංකාට

editorial - 2024 ජන මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

බංග්ලාදේශයේ ‘ඩකා’ නුවර දී නිමාවට පත්වූ ඩැකා ජාත්‍යන්තර මැරතන් තරගාවලියට සහභාගිවූ ශ්‍රී ලංකා ක්‍රීඩිකා ලංකා ආරියදාස කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට සමත් වූවාය. ඒ පැය 2 විනාඩි 55 තත්පර 28කට ය.

මෙම ජාත්‍යන්තර මැරතන් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩිකයන් හා ක්‍රීඩිකාවෝ තිදෙනෙක් බැගින් සහභාගි වූහ. කාන්තා ඉසව්වේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකා නිමේෂා නිදර්ශනී පැය 3 තත්පර 54කට සිව්වැනි ස්ථානය අත්කර ගත්තාය.

සමන්තිකා දිල්හානි ආරියදාස මෙම කාන්තා ඉසව්වට සහභාගි වූ සෙසු ශ්‍රී ලාංකික ක්‍රිඩිකාවයි. ඇය මෙහි හය වැනි ස්ථානය ලැබුවේ පැය 3 විනාඩි 14.00කට ය.

මේ අතර 2024 ඩැකා මැරතන් (පිරිමි) ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනා අතරින් නිමල් කරුණාරත්න අට වැනි ස්ථානය ලැබුවේ පැය 2  විනාඩි 26 තත්පර 54කටය. තලාවරුගේ රත්නපාල හා මුත්තුසාමි සිවරාජන් පිළිවෙලින් 10 වැනි හා 11 වැනි ස්ථාන පිරිමි ඉසව්වේ අත්කර ගත්තේ පැය 2 විනාඩි 34 තත්පර 27 හා පැය 2 විනාඩි 36 තත්පර 16කටය.

ඩැකා මැරතන් 2024 කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකා ලංකා ආරියදාසට එහිදී ‘ටකා’ 200000ක් හෙවත් රුපියල් හය ලක්ෂයකට  ආසන්න මුදලක් ත්‍යාග ලෙස හිමි විය.

සිව් වැනි ස්ථානයට පත්වූ ශ්‍රී ලංකා  ක්‍රීඩිකා නිමේෂා නිදර්ෂණීට ද ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 450000කට ආසන්න ත්‍යාග මුදලක් හිමිවිය.

රෝහිත ගුණරත්න හා හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එන්.ඒ.ටී. ජයසිංහ යන මහත්වරු මෙම තරග සංචාරයේ දී ශ්‍රී ලංකා මැරතන් කණ්ඩායමේ පුහුණුකරු හා කළමනාකරු ලෙස කටයුතු කළහ.


අදහස් (0)

ඩකා මැරතන් ලෝකඩ පදක්කම ලංකාට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.