Last Update  :  2025-06-01 21:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ජාතික යොවුන් පැරා මලල ක්‍රීඩා තරගාවලියට 500 ක්

ජාතික යොවුන් පැරා මලල ක්‍රීඩා තරගාවලියට 500 ක්

editorial - 2025 මැයි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාතික පැරලිම්පික් කමිටුව සංවිධානය කරන ජාතික යොවුන් පැරා මලල ක්‍රීඩා තරගාවලිය සෙනසුරාදා හා ඉරිදා (17 -18) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ඒ සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුව සහයෝගය දක්වයි.

තරගාවලිය සඳහා වයස 20 න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 කට ආසන්න පිරිසක් වර්ගීකරණයන් රැසක් යටතේ ඉසව් 125 කට තරග වදියි. මෙවර තරගාවලිය සඳහා දිවයිනේ දිස්ත්‍රික් ගණනාවකින්ම පුළුල් සහභාගිත්වයක් දක්නට ලබෙන බවත්, ඊට සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සම්බන්ධිකරණයෙන්ද දිවයිනේ දිස්ත්‍රික්ක 13 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරිපත් කර තිබෙන බවත් ජාතික පැරලිම්පික් කමිටුවේ උප සභාපති ප්‍රියන්ත පීරිස් මහතා පවසයි.

මෙම තරගාවලියේ වැදගත්කම වන්නේ, ලබන දෙසැම්බර් 12 සිට 15 වැනිදා දක්වා ඩුබායි නුවරදී පැවැත්වෙන ආසියානු යොවුන් පැරලිම්පික් මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම නිර්දේෂ කෙරෙන තේරීම් තරගාවලියක් ලෙස එය යොදා ගැනීමයි.

ඉරිදා පස්වරුවේදී පැවැත්වෙන ජය සංකේත ප්‍රදානෝත්සවය බ්‍රිගේඩියර් ධනංජය අළුදෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. දිවයින පුරා ක්‍රීඩා සමාජ 50 කින් පමණ මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඉදිරිපත්ව සිටිති.


අදහස් (0)

ජාතික යොවුන් පැරා මලල ක්‍රීඩා තරගාවලියට 500 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.