Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ජාතික ඇවිදීමේ ශූරයා දුනුකාර ශූරිය මදිරිකා

ජාතික ඇවිදීමේ ශූරයා දුනුකාර ශූරිය මදිරිකා

editorial - 2024 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කොළඹදී ඊයේ (18 වැනිදා) පැවැති ජාතික ඇවිදීමේ (කිලෝමීටර 20) තරගාවලියේ කාන්තා ඉසව්වේ ජය යූ.වී.ඩබ්. මදිරිකාට ද, එහි පිරිමි ඉසව්වේ ජය ඩී.එම්.අයි.එස්. දුනුකාරට ද හිමි වූහ.

මෙම ඇවිදීමේ තරගාවලිය කොළඹ ටොරින්ටන් පෙදෙසේ නිදහස් චතුරශ්‍රය හා ඒ අවට මාර්ග කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි. මෙවර ජාතික ඇවිදීමේ ශූරතා තරගාවලියේ ජයග්‍රාහි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජපානයේ නෝමි නගරයේ ලබන මාර්තු 17 වැනිදා පැවැත්වෙන ආසියානු ඇවිදීමේ තරගාවලියට සහභාගි කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය අපේක්ෂාවෙන් පසු වන බව එහි සභාපති, විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පැවැසීය.

පැය 1 විනාඩි 51 තත්පර 45ක කාලයකදී ඊයේ කිලෝමීටර 20 ඇවිද ගෙවා සම්පූර්ණ කිරීමට කාන්තා ඉසව්වේ ජයග්‍රාහිකාව වන මදිරිකා සමත් වූවාය.

පැය 1 විනාඩි 37 තත්පර 35ක කාලයකදී දුනුකාර පිරිමි ඉසව්වේ ජයග්‍රහණය වාර්තා කළේය.

ඇවිදීමේ ශ්‍රී ලංකා පිරිමි වාර්තාවට 2017 සිට හිමිකම් කියන්නේ, පැය 1 විනාඩි 30 තත්පර 10කට ෂමිල චන්දික ය. ඒ, ඔහු ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැති තරගයකට සහභාගි වෙමිනි.

පැය 1 විනාඩි 39 තත්පර 12කට වසර 2006 දී ගීතා නන්දනී පිහිටු වූ ඇවිදීම කාන්තා ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව ඊයේ තරග ප්‍රතිඵලය අනුවත් ඇයට තවදුරටත් හිමිව තිබේ. ඊයේ රන් පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙපොළත් ඇතුළුව තරගාවලියේ වැඩි දස්කම් යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙතින් වාර්තා වීම කැපී පෙනුණි.

 

ජාතික ඇවිදීමේ තරගාවලියේ (කිලෝමීටර 20) ප්‍රතිඵල


කාන්තා:-
1. යූ.වී.කේ. මදිරිකා (යුද හමුදාව – පැය 1 විනාඩි 51 තත්පර 45)
2. පී.බී. ගයානි (යුද හමුදාව – 1.52.12)
3. දිනුෂා ඩිහානි (ගුවන් හමුදාව – 1.57.03)
4. එම්.සී. දමයන්ති (නාවික හමුදාව – 2.02.34)
5. ඩබ්.එච්.එල්. කළ්‍යානි (ගුවන් හමුදාව – 2.09.20)
6. දිල්කි සඳරේකා (යුද හමුදාව – 2.16.40)
7. ශානිකා අබේසිංහ (යුද හමුදාව – 2.20.01)
8. දිලිනි ප්‍රසාදි (කළුතර – 2.22.45)
9. ආර්. ගොව්ෂියා (යාපනය – 2.24.26)

පිරිමි:-
1. ඩී.එම්.අයි.එස්.එස්. දුනුකාර (පැය 1 විනාඩි 37 තත්පර 35)
2. වයි.එස්. විමලසූරිය (යුද හමුදාව – 1.39.22)
3. ආර්.බී.එස්.කේ. සම්පත් (යුද හමුදාව – 1.42.58)
4. ආර්.ඒ.එස්.සී. රත්නායක (යුද හමුදාව – 1.43.05)
5. ඩබ්.එම්.ආර්.සී. වැලිකුඹුර (යුද හමුදාව – 1.43.06)
6. පී.ජී.එස්.එම්. විජේරත්න (යුද හමුදාව – 1.44.21)
7. ජේ.ඒ.ආර්.එල්. ජයරත්න (යුද හමුදාව – 1.44.52)
8. ඊ.පී. කස්තුරිආරච්චි (යුද හමුදාව – 1.48.13)
9. එම්.එන්.ඒ. රත්නායක (යුද හමුදාව – 1.49.59)
10. ඩී.ජී.එන්.එස්. අප්පුහාමි (ගුවන් හමුදාව – 1.50.16)


අදහස් (0)

ජාතික ඇවිදීමේ ශූරයා දුනුකාර ශූරිය මදිරිකා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.