Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
අගෝස්තු 18 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණයේදී (2025 - 27) ඡන්ද බලය අහෝසි කර තිබූ අනු සංගම් හා ක්‍රීඩා සමාජ නවයකට යළි ඡන්ද බලය ප්‍රදානය කිරීමට නිලවරණ කමිටුව තීරණය කර තිබේ.ඒ ඒ සම්බන්ධයෙන් පැවැති අභියාචනා විභාගයෙන් පසුවය.
ඒ අනුව අගෝස්තු 18 වැනිදා මලල ක්‍රීඩා ආයතනයේ පැවැත්වෙන නිලවරණයේදී පිළිගත හැකි ලියකියවිලි ඉදිරිපත් කිරීමට අපොහොසත් වීමේ චෝදනා මත අම්පාර, කිලිනොච්චිය හා මුලතිව් යන දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගම් තුනකට තවදුරටත් ඡන්ද බලය අහෝසි කර තිබේ.
ඒ අතර ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා සංගමය හා ඒස් ක්‍රීඩා සමාජය ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අභියාචනා ප්‍රතික්ෂේප වීමෙන් ඔවුන්ගේ ඡන්ද බලය අහෝසි කිරීමට ගත් තීරණයද වෙනස්වී නැත.
ඔවුන්ට එහිදී එල්ලවී තිබූ චෝදනාව වූයේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය සංවිධානය කළ තරග මාලා සදහා සහභාගි වීමට අපොහොසත් වීමයි.ඒ අතර රාජ්‍ය සේවා මලල ක්‍රීඩා සංගමයට එරෙහිව ඉදිරිපත්වූ විරෝධතාව පිළිගැනීමෙන් ඔවුන්ගේ ඡන්ද බලයද අහෝසි කර තිබේ. එහි විශේෂත්වය රාජ්‍ය සේවා සංගමය ඡන්ද බලය අහෝසි කළ සංගම් ලේඛනයට කළින් ඇතුළත්ව නොසිටීමයි.
ඒ අනුව නිලවරණ කමිටුව මීට පෙර ඡන්ද බලය ලබා නොදීමට ගත් තීරණය වෙනස් කරමින් මඩකලපුව, කළුතර, කුරුණෑගල, මාතලේ, මොනරාගල, පුත්තලම යන දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගම්, විශ්ව විද්‍යාල හා වෙෙළද සේවා යන අනු සංගම් හා සී.ටී සහ එෆ්. සී. ක්‍රීඩා සමාජයට මලල ක්‍රීඩා නිලවරණයේදී යළි ඡන්ද බලය ප්‍රදානය කර තිබේ.
මුලින් ඡන්ද බලය අහෝසි කර තිබූ මෙම සංගම් හා ක්‍රීඩා සමාජවලට එල්ල වී තිබූ ප්‍රධානතම චෝදනාව වූයේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය සංවිධානය කරන වාර්ෂික තරග මාලා නියෝජනය (සිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරිපත්) නොකිරීමය.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණයට (2025 - 27) නාමයෝජනා බාර ගැනීම ඊයේ (23) සිට ආරම්භ විය.ජූලි 29 වැනිදා නාම යෝජනා බාර ගැනීම අවසන් කෙරේ.නාම යෝජනා සම්බන්ධයෙන් ඉදිරිපත් වන විරෝධතා බාර ගැනීම හා ඒවා විභාග කිරීම අගෝස්තු 1 සිට 3 වැනිදා දක්වා වන කාලය තුළදී සිදු කෙරේ.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ (එවකට සංගමය) හිටපු සභාපතිවරයකු වන ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරු සුනිල් ගුණවර්ධන, ශ්‍රී ලංකා වෙෙළද සේවා මලල ක්‍රීඩා සංගමයේ වත්මන් සභාපති ප්‍රසන්න ඉන්දික හා ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ වත්මන් සභාපති, හිටපු නියෝජ්‍ය පොලිස්පති උපාලි කුමාරසිරි යන මහත්වරුන් මෙවර නිලවරණයේදී සභාපති ධූරයට නාමයෝජනා ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවද වාර්තාවේ.
එහිදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපතිවරයකු වන සුනිල් ජයවීර මහතා සුනිල් ගුණවර්ධන මහතාගේ පාර්ශවයෙන් විධායක සභාවේ ඉහළ ධූරයකට තරග වැදීමට සූදානමින් සිටින බවත් වැඩිදුරටත් වාර්තාවේ.
මේ අතර අගෝස්තු 18 වැනිදා නිලවරණය පැවැත්වීමේදී මලල ක්‍රීඩා ආයතනයට නව විධායක සභාවක් පත්වූවද ලබන සැප්තැම්බර් මාසයේ ජපානයේදී පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා (ආයතනයේ) මහ සමුළු වාරය නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාව වෙනුවෙන් හිටපු නිලධාරීන්ටම හිමි වෙනු ඇතැයි වාර්තාවේ.
ඒ සදහා සාමාජික රටවලින් සහභාගි වන නියෝජිතයන් කළින්ම නිර්දේශ කළ යුතුව තිබූ බැවිනි. ඒ අනුව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ වත්මන් සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිල වශයෙන් එම අවස්ථාවට සහභාගි වනු ඇත.
එම සංචාරයට මලල ක්‍රීඩා ආයතනයේ වත්මන් උප සභාපතිවරයකු වන ජී.එල්.එස්. පෙරේරා මහතාද සහභාගි වීමට නියමිතය. මලල ක්‍රීඩා නිලවරණ කමිටුවේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික මහාධ්කරණ විනිසුරු විමල් නම්බූවසම් මහතා කටයුතු කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.