Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ආසියානු සහාය දිවීමේ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් පහක්

ආසියානු සහාය දිවීමේ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් පහක්

editorial - 2024 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මැයි 20-21 දෙදින තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වෙන පළමු ආසියානු සහාය දිවීමේ තරගාවලිය ඉලක්ක කරමින් කොළඹ සුගතදාස පිටියේදී පැවැති තේරීම් තරගාවලියට විරෝධතා එල්ල වී තිබේ.

මීටර් 100 (පිරිමි) ඉසව්ව සඳහා පැවති තේරීම් තරගයේදී ක්‍රීඩකයන් කීප දෙනකුම වැරදි ආරම්භයන් ලබා ගැනීමෙන් තරග නීති උල්ලංඝනය කර ඇතැයි එම විරෝධතා බාර දෙමින් ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් පිරිසක් කියා තිබේ.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මීටර් 100 (පිරිමි) ඉසව්වේ තේරීම නැවත ඉදිරියේදී කැඳවෙන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා පවසයි.

මෙම තේරීම් තරගාවලියේ ප්‍රතිඵලයන්ට අනුව මීටර 4x100 හා 4x400 සහ කාන්තා හා පිරිමි ඉසව් හතර හැරෙන්නට මිශ්‍ර 4x400 ඉසව්ව සඳහා ද කණ්ඩායමක් ශ්‍රී ලංකාවෙන් සහභාගි කෙරේ.

ශ්‍රී ලංකාව මෙවර ලෝක ශූරතා හා ආසියානු ශූරතා යන ප්‍රධානතම සහය දිවීමේ තරගාවලි දෙකකට කණ්ඩායම් සහභාගි කිරීමේ අරමුණ ජූලි මාසයේදී පැරිස් නුවරදී ආරම්භ වන ඔලිම්පික් උළෙල සඳහා සහය දිවීමේ කාන්තා හා පිරිමි කණ්ඩායම් නිර්දේශ කර ගැනීමේ අභිලාෂයන්ය.

එම උත්සාහය සාර්ථක වන්නේ නම් ශ්‍රී ලංකාව ගිම්හාන ඔලිම්පික් උළෙලට සහාය දිවීමේ කණ්ඩායම් නිර්දේශ කර ගන්නේ වසර 24කට පසුවය

මේ අතර බහමාස්හිදී මැයි 4-5 යන දිනවලදී පැවැත්වෙන ලෝක සහාය දිවීමේ ශූරතා තරගාවලියට මීටර් 4x400 (පිරිමි) ඉසව්වෙන් පමණක් ශ්‍රී ලංකාව කණ්ඩායමක් සහභාගි කිරීමට දැනටමත් තීන්දු කර අවසන්ය.

එම සහය දිවීමේ කණ්ඩායමට කාලිංග කුමාරගේ, අරුණ දර්ශන, පසිඳු කොඩිකාර, දිනුක දේශාන් හා රාජිත රාජකරුණා නිර්දේශ වී සිටිති.

මීටර 4x400 (පිරිමි) ඉසව්ව ඉලක්ක කරමින් පැවති මීටර් 100 (පිරිමි) ඉසව්වේ තේරීම් තරගයේ ප්‍රතිඵලය ඉදිරිපත්ව ඇති විරෝධතා හමුවේ අවලංගු කර තිබේ.

එහිදී ආර්.පී.කේ.එන්. චතුරංග (තත්පර 10.59), දිනෙත් ඉඳුවර (10.61), දිනෙත් සේනානායක (10.62), චානුක ධර්මකීර්ති (10.63), චලිත් පියුමාල් (10.63), ඩී.පී.එච්. ගම්ලත් (10.69), චමෝද් යෝධසිංහ (10.72) යන ක්‍රීඩකයෝ තරග වැදුනහ. 

 

මීටර් 100 (කාන්තා) තේරීම් තරගය

අමාෂා සිල්වා (තත්පර 11.95), සාෆියා යාමිත් (11.99), දිනාරා බණ්ඩාර ඩෙලා (12.21), අනුරුද්ධිකා මුතුකුමාරණ (12.27), එච්.කේ.ටී.ඩී. සිල්වා (12.27), ලක්ෂිකා සුගන්ධි (12.31), ෂෙනෙල්ලා සෙනවිරත්න (12.41) එච්.කේ.ඩී.එස්. රණසිංහ (12.46)

 

මීටර 400 (පිරිමි) තේරීම් තරගය

රාජිත රාජකරුණා (තත්පර 46.72), දිනුක දේෂාන් (46.74), හර්ෂ කරුණාරත්න (47.20), ඉසුරු ලක්ෂාන් (47.25), ඉෂාන් මධුරංග (47.68), ඒ.එස්.එම්. සෆාන් (48.53)

♦ මීටර 400 (කාන්තා) තේරීම් තරගය:-

තරුෂි කරුණාරත්න (තත්පර 53.40), රුමේෂිකා රත්නායක (54.70), නිෂේන්ද්‍ර ප්‍රනාන්දු (55.95), සාෆියා යමිත් (56.26), ඩබ්ලිව්.එච්.එම්. ප්‍රනාන්දු (56.36), නිමාලි ලියනආරච්චි (56.39), ෂානිකා ලක්ෂානි (57.24)

මෙම තේරීම් තරග ප්‍රතිඵලයන්ට අනුව මීටර 4x400 (පිරිමි) ඉසව්ව සඳහා රාජිත රාජකරුණා, දිනුක දේෂාන්, හර්ෂ කරුණාරත්න හැරෙන්නට කාලිංග කුමාරගේ හා අරුණ දර්ශන ආසියානු තරගාවලියට නිර්දේශ කර ඇත.

මීටර 4x100 (කාන්තා) ඉසව්ව සඳහා තේරීම් තරගයේ සිව්වැනි ස්ථානය දක්වා පැමිණි ක්‍රිඩිකාවන් හැරෙන්නට රුමේෂිකා  රත්නායක ආසියානු තරගාවලියට නිර්දේශ කෙරේ.

මීටර 400x4 (කාන්තා) ඉසව්ව සඳහා ආසියානු තරගාවලියට සයුරි මෙන්ඩිස්, නදීෂා රාමනායක, හැරෙන්නට තරුෂි කරුණාරත්න, රුමේෂිකා රත්නායක නිෂේන්ද්‍ර ප්‍රනාන්දු නිර්දේශ වී තිබේ. සුගතදාස පිටියේදී පැවැති තේරීම් තරගාවලියේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 14 දෙනෙකු මෙතෙක් හොඳම දක්ෂතා පළකර තිබේ.


අදහස් (0)

ආසියානු සහාය දිවීමේ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් පහක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.