
(කටුනායක ටී.කේ.ජී.කපිල)
චීනයේ හැංජෝ නුවරදී පැවති 04 වැනි ආසියානු පැරා ක්‍රීඩා තරගාවලියේ දී පදක්කම් 11 ක් දිනා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සඳුදා රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළෙන් යළි මව්බිමට පැමිණියහ.
ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 02 ක්, රිදී පදක්කම් 05 ක් සහ ලෝකඩ පදක්කම් 04 ක් දිනා ගනිමින් මෙම තරගාවලියේ 18 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමි කර දුන්හ.
මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස පිළිගැනීම සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මව්පියවරුන් සහ නෑදෑ හිතවතුන් සමග ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, ක්‍රීඩා අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා පැරලිම්පික් කමිටුවේ, ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රීඩා අංශයේ උසස් නිලධාරීහු පිරිසක්ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.