Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics අරුණ ආසියාවෙනුත් පහළට

අරුණ ආසියාවෙනුත් පහළට

editorial - 2023 අගෝ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

හංගේරියාවේ බුඩාපෙස්ට් නුවර දී ආරම්භ වූ 19 වැනි ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 400 (පිරිමි) ඉසව්වේ මූලික වටයට අද (20) තරග වැදුණු ශ්‍රී ලංකා ක්‍රීඩක අරුණ දර්ශන අනිද්දා (22) පැවැත්වෙන එහි අවසන් පූර්ව වටයට නිර්දේශ ලබා ගැනීමට අපොහොසත් විය.

පළමු මූලික වටයේ තරගයේ දී හයවැනි ස්ථානයට තරග නිම කරනවිට ඔහුගේ නිමි කාලය වාර්තා වූයේ තත්පර 45.70ක් පරිදිය. මූලික වටයේ තරග හයේ සමස්ත ප්‍රතිඵලයට අනුව එහිදී අරුණ දර්ශන පසු වූයේ 34 වැනි ස්ථානයේය.

එම සමස්ත ප්‍රතිඵලයට අනුව තත්පර 44.39කට නව වාර්තාවක් පිහිටුවමින් පෙරමුණේ පසු වූයේ නෝර්වේ ක්‍රීඩක 20 හැවිරිදි හාවර්ඩ් බෙන්ට්ඩාල් විසිනි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයා ධාවනයේ යෙදුණු පළමු මූලික වටයේ තරගයේදී ක්‍රීඩකයන් පස් දෙනෙකුම අවසන් වටයට නිර්දේශ සපිරූහ. අරුණ දර්ශන බැංකොක් ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ ජූලි 13 වැනිදා පැවැති මීටර් 400 (පිරිමි) ඉසව්වේ රන් පදක්කම තත්පර 45.00 ට දිනාගත් ජපන් ක්‍රීඩක කෙන්ටාරෝ සාතෝ මෙම පළමු මූලික වටයේ තරගයේ දී තත්පර 44.77 කට නව වාර්තාවක් පිහිටුවමින් දෙවැනි තැන ලබා මෙහි අවසන් පූර්ව වටයට ප්‍රවේශ විය.

24 හැවිරිදි දර්ශනගේ මෙම ඉසව්වේ මෙතෙක් හොඳම දක්‍ෂතාවය තත්පර 45.45  කි. එහිදී බැංකොක් ආසියානු ශූරතා තරගාවලියේදී මීටර 400 (පිරිමි) ඉසව්වේ අවසන් තරගය හත්වැනි ස්ථානයට නිමා කළේ තත්පර 45.69 කටය.

මෙම ඉසව්වේ ලෝක ශූරතා තරග වාර්තාව හිමිව ඇත්තේ 1999 ‘‘සෙවිලා’’ තරගාවලියේදී තත්පර 43.18 කට (කලක් ලෝක වාර්තාව ද විය) ඇමෙකානු ක්‍රීඩක මයිකල් ජොන්සන්ටය. මෙවර තරගාවලයේ සෙසු කේවල ඉසව්වකට තරග වදින එකම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව වන නදීෂා දිල්හානි ලේකම්ගේ බ්‍රහස්පතින්දා (23) හෙල්ල විසිකිරීම (කාන්තා) ඉසව්වේ සුදුසුකම්වටයට සහභාගීවීමට නියමිතය.


අදහස් (0)

අරුණ ආසියාවෙනුත් පහළට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.