Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics අර්ධ මැරතන් රන් දෙකම ඉන්දියාවට

අර්ධ මැරතන් රන් දෙකම ඉන්දියාවට

editorial - 2022 ජන මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අර්ධ මැරතන් පිරිමි තරගය ජයගත් ඉන්දීය ක්‍රීඩක කාතික් කුමාර්

(නාමල් පතිරගේ)

සියවස් සමරු අර්ධ මැරතන් තරගාවලියේ කාන්තා හා පිරිමි රන් පදක්කම් දෙකම ඉන්දියාව විසින් දිනා ගන්නා ලදී. කිලෝමීටර් 21ක් දුරැති පිරිමි මැරතන් තරගය පැය 1 විනාඩි 05 තත්පර 02 කට ඉන්දීය ක්‍රීඩක කාතික් කුමාර් ජය ගන්නා අතර ඉන් විනාඩි 11 කට පසුව එම ධාවන මාර්ගයේම පැමිණි (පැය 1 විනාඩි 16 තත්පර 06) ඉන්දීය ක්‍රීඩිකා සංජීවනී ජාදෙව් කාන්තා ඉසව්ව ජය ගැනීමට සමත් වූවාය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය ලෙස අද හැඳින්වෙන මෙරට මලල ක්‍රීඩා නිල පරිපාලන ඒකකයට වසර 100 ක් සපිරීම නිමිත්තෙන් එම සංවත්සර දිනය යෙදුණු ඊයේ (22) ඇතුල්කෝට්ටේ ‘‘දියත උයන’’ අසල දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම අර්ධ මැරතන් හා මාර්ග ධාවන තරග මාලාව පැවැත්විණි.

ඒ කෝට්ටේ, නුගේගොඩ, හයිලෙවල් පාර, පන්නිපිටිය, තලවතුගොඩ පරණ පාර, බත්තරමුල්ල හරහා යළි දියත උයන අසලට ළඟාවීමෙනි.

ඉන්දියාව, නේපාලය හා මාලදිවයිනෙන් ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගි වූ මෙම අර්ධ මැරතන් තරගාවලියේ දී පිරිමි තරගයේ දෙවැනි ස්ථානය ද ඉන්දීය ක්‍රීඩකයෙකු සතුවූ අතර ඒ හැරෙන්නට විදේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරගාවලියේදී වෙනත් මුල් පෙළේ ජයග්‍රහණ හිමි නොවීය.

වසර 2020 මාර්තු මාසයේ සිට රට තුළ උද්ගතවූ කොවිඩ් වසංගතයෙන් පසුව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය සංවිධානය කළ පළමු ඉහළ පෙලේ අර්ධ මැරතන් තරගාවලිය මෙය විය.

රුපියල් ලක්‍ෂ දෙක බැගින් අර්ධ මැරතන් තරග ජයග්‍රාහකයාට හා ජයග්‍රාහිකාවට හිමි විය. ඒ අතර පස්වැනි ස්ථානය දක්වා රුපියල් 50000 තෙක් තවත් මුදල් ත්‍යාග ගණනාවක් ප්‍රදානය කිරීමට තරග මාලාවට අනුග්‍රහය දැක්වූ නෙස්ලේ ලංකා (නෙස්ටමෝල්ට් නිෂ්පාදන) සමාගම කටයුතු කළේය.


කාන්තා (කිලෝමීටර 21)
1 සන්ජිරානි බාබුරාඕ ජදේව් (ඉන්දියාව – පැය 1 විනාඩි 16 තත්පර06),
2 එම්.එස්.එම්.පී. පෙරේරා (නාවික හමුදාව – 1.19.48)
3 එච්.එම්.සී.එස්. හේරත් (යුද හමුදාව – 1.21.00)
4 නිසංසලා බණ්ඩාර (යුදහමුදාව 1.23.39)
5. එම්.ඒ.එන්.කේ. ප්‍රනාන්දු (නාවිකා හමුදාව – 1.23.39)

පිරිමි (කිලෝමීටර 21)
1 කාතික් කුමාර් (ඉන්දියාව – පැය 1 විනාඩි 5. තත්පර 2)
2 ධර්මේන්ද්‍රර් (ඉන්දියාව – 1.07.15)
3 කේ. ෂන්මුගේෂ්වරන් (මහනුවර – 1.07.28)
4 ධනුෂ්ක සඳරුවන් (යුද හමුදාව – 1.07.35)
5 ඩී.ජී.ඩී. සඳරුවන් (යුද හමුදාව – 1.07.59)


(මාර්ග ධාවන තරගාවලිය – කිලෝ මීටර 5)
කාන්තා:-
1 ලෙසා විල්ටන් (කොළඹ නයිට් රන් - විනාඩි 22, තත්පර 30)
2 ඩබ්.කේ. රත්නා කුමාරි (ඩී.එස්. සේනානායක – 22.34)
3 ඉරේෂා ද සොයිසා (කොළඹ නයිට් රන් - 23.14)

පිරිමි:-
1 ටී.ජී.ආර්.එම්.එස්. නෙරංජන් (පොලිස් - විනාඩි 16 තත්පර 12)
2 මොහොමඩ් හනිෆා රිසා (ටොරින්ටන් ක්‍රී.ස. 17.28)
3 ඩී.බී. සුරංග (කොළඹ නයිට් රන් - 17.36)


(පාසල් කාණ්ඩය)
බාලිකා:-
1 ඕසදී නිමලා (මීගමුව නිමලමරියා බාලිකා විදුහල – විනාඩි 15 තත්පර 35.01)
2 අයේෂා සඳුනි (කුලියාපිටිය තලකඩුවගම ම.වි. 15.42.03)
3 රස්මී අමන්දා (පන්නිපිටිය ධර්මපාල විදුහල – 15.56.04)

බාලක:-
1 දුලක්‍ෂ මධුෂාන් (ගම්පහ බණ්ඩාරනායක ම.වි. - විනාඩි 14 තත්පර 03.01)
2 විහඟ ප්‍රමෝද් (කඳාන ශාන්ත සෙබස්තියන් විදුහල – 15.04.07)
3 අනුෂ්ක ලක්ෂාන් (දිවුලපිටිය ශ්‍රී ඥානෝදය මධ්‍ය මහ විදුහල – 15.14.05)



අර්ධ මැරතන් කාන්තා තරගයේ ජය ඉන්දීය ක්‍රීඩිකා සන්ජිරානි ජාදේවි

 

කාන්තා අර්ධ මැරතන් තරගයේ රන්, රිදී ලෝකඩ පදක්කම්ලාභීන් තිදෙනා උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් නෙස්ලේ ලංකා සමාගමේ උප සභාපතිවරුන් වන බන්දුල එගොඩගේ, රුවන් වැලිකල, ජගත් වෙදගේ, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු, ලේකම් ප්‍රේමා පින්නවල යන මහත්වරු සමග


අදහස් (0)

අර්ධ මැරතන් රන් දෙකම ඉන්දියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.