Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටුව විසින් ආසියානු ශූරතා තරග සංචාරයෙන් අවසන් මොහොතේ ඉවත් කළ මීටර 100 × 4 (පිරිමි) ශ්‍රී ලංකා කණ්ඩායම ඊට යළි ඇතුළත් කරන ලෙස ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව නියම කර තිබේ. ඒ අනුව කළින් නිර්දේශ කළ පරිදිම ආසියානු ශූරතා තරග සංචාරයට මීටර 100 × 4 සහය දිවීමේ කණ්ඩායම සහභාගි වන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය පවසයි.
26 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය ලබන මැයි 27 වැනිදා සිට 31 වැනිදා දක්වා දකුණු කොරියාවේ ගුමී නුවරදී පැවැත්වේ.
ඒ සදහා ශ්‍රී ලංකාව සහය දිවීමේ ඉසව් හතරකට තරග වැදීමේ අපේක්ෂාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙකුගේ කණ්ඩායමක් නිර්දේශ කර තිබේ. කෙසේවූවත් පසුගිය මැයි 9 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති ඩුබායි ග්‍රෝන් - ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායම එහිදී අත් කර ගත් පසුබෑම සැළකිල්ලට ගනිමින් ඔවුන් ආසියානු ශූරතා තරග සංචාරයෙන් ඉවත් කිරීමට ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටුව තීරණය කළේය.
කෙසේවූවත් ජාතික ක්‍රීඩා කණ්ඩායම් තේරීම් සම්බන්ධයෙන් අවසන් නිර්දේශ ඉදිරිපත් කිරීමේ බලය හිමි ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව ඊයේ (19) නියම කර ඇත්තේ මීටර 100 × 4 (පිරිමි) ශ්‍රී ලංකා කන්ඩායම යොදා ගත් පරිදි ආසියානු ශූරතා තරග සංචාරයට සහභාගි කළ යුතු බවයි.
ඉතාලියේ වෙසෙන පළපුරුදු ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර යුපුන් අබේකෝන් ඇතුළුව චමෝද් යෝධසිංහ, මෙරෝන් විජේසිංහ, දෙනෙත් වීරරත්න, චමෝද් දිසානායක එකී ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායම නියෝජනය කරති.
පසුගිය අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදී වත්මන් ක්‍රිඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා විසින් පත් කළ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපතිනිය ලෙස කටයුතු කරන්නේ හිටපු සුපිරි කඩුළු පැනීමේ ශූරී ශ්‍රියානි කුලවංශ මහත්මියයි. ඇය ශ්‍රී ලංකා ඔලිම්පික් ක්‍රීඩකයන්ගේ කමිටුවේ වත්මන් සභාපතිනියද වේ.
මේජර් ජනරාල් රවී පතිරණ, හිටපු මීටර 400 ශූරී ජයමිණී ඉලේපෙරුම, හිටපු ජාතික රිටි පැනීමේ ශූර රුවන් ප්‍රදීප් පෙරේරා, ක්‍රීඩා අමාතාංශයේ අතිරේක ලේකම් අනුරාධා අයිලප්පෙරුම, ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් හා බැඩ්මින්ටන් ප්‍රවීණයෙකු වන කමල් ගම්ලත් යන මහත්ම මහත්මීහු එහි සෙසු සාමාජිකයෝ වෙති.
ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටුව සදහා මෑතදී පත් වූ නව නිලධාරී මණ්ඩලයේ සභාපතිවරයා ලෙස උපාලි කුමාරසිරි මහතා කටයුතු කරයි. ඒ අනුව ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය සදහා කළින් නිර්දේශ කළ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ වෙනසක් නොවන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ප්‍රධාන ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා පවසයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරිණිය ලෙස අයිරාංගනී රූපසිංහ මහත්මිය කටයුතු කරයි. කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස ඊට අයි.එම්.රණසිංහ, ටෝනි ප්‍රසන්න, ලාල් විජේවික්‍රම හා ක්‍රීඩක යුපුන් අබේකෝන්ගේ පෞද්ගලික පුහුණුකරු ඉතාලි ජාතික ක්ලෝඩියෝ ලිසියාඩෙලෝ යන මහත්වරු එක් වෙති. ඒ හැරෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට භෞත චිකිත්සකවරුන් දෙදෙනකුගේ සේවය ද ලැබී තිබේ. ඉන් එක් අයෙකු ප්‍රධාන වශයෙන් යුපුන් අබේකෝන්ට සේවය ලබාදීම සදහා ඉතාලියේ සිට කැදවීම් ලබා තිබේ.
ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරග සංචාරය සදහා සහභාගි වන ශ්‍රී ලංකා නිල කණ්ඩායමට කොරියානු තරග සංවිධායකයන් නවාතැන් හා ආහාරපාන ලබාදීමෙන් අනුග්‍රහය දක්වයි. ඔවුන්ට ගුවන් ප්‍රවේශ පත්‍ර ලබාදීමෙන් අනුග්‍රාහය දැක්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපත්ව සිටියි.
ශ්‍රී ලංකා කණ්ඩායම ලබන සෙනසුරාදා (24) තරග සංචාරය අරඹමින් දිවයිනෙන් පිටත්ව යාමට නියම්තය. හෙල්ල විසි කිරීමේ ආසියානු පදක්කම්ලාභීණී නදීෂා දිල්හානි ලේකම්ගේ හා හෙල්ල විසි කිරීමේ ශූර සුමේධ රණසිංහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ නායකයා හා නායිකාව ලෙස කටයුතු කරති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.