Last Update  :  2025-11-04 19:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ශ්‍රී ලංකාව මලල ක්‍රීඩා පදක්කම් හයක් දිනයි

ශ්‍රී ලංකාව මලල ක්‍රීඩා පදක්කම් හයක් දිනයි

editorial - 2025 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

බහරේන් රාජ්‍යයේදී පැවැත්වෙන තෙවැනි ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ ඊයේ (28) දිනය නිමා වන විට ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 23 වැනි ස්ථානය ලබා තිබුණි. ඒ මලල ක්‍රීඩාවෙන් එක් රන් පදක්කමක් එක් රිදී පදක්කමක්ද හා ලෝකඩ පදක්කම් හතරක්ද හා ගොල්ෆ් ක්‍රීඩාවෙන් එක් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමෙනි.

මලල ක්‍රීඩා තරගාවලිය නිමාවට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකාව එහි පදක්කම් සටහනේ හය වැනි තැන ලැබීය. රන් පදක්කම් 20 ක් දිනා ගත් චීනය මෙවර ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලිය ජය ගත් රාජ්‍යයයි.

එහිදී අචින්ත ළහිරු මීටර 1500  (බාලක) ඉසව්වෙන් දිනා ගත් රන් පදක්කම ආසියානු යොවුන් ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාව ඕනෑම ක්‍රීඩා ඉසව්වකින් මෙතෙක් දිනා ගත් එකම රන් පදක්කමයි.

මේ අතර මිශ්‍ර (මෙඩ්ලි) 1සහාය දිවීමේ (බාලක) ඉසව්වෙන් විනාඩි 1.තත්පර 52.80 කට එහි රිදී පදක්කම ශ්‍රී ලංකා කණ්ඩායම විසින් හිමි කර ගන්නා ලදී. ශානුක කොස්තා, විසල් ප්‍රනාන්දු, බිගුමින් ආදිත්‍ය  හා චමිදු සත්සර හේවගේ එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළහ.

මලල ක්‍රීඩා සෙසු ලෝකඩ පදක්කම් දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන්නේ මීටර 400  (බාලක) ඉසව්වෙන් ශානුක කොස්තා, හෙල්ල විසි කිරීම (බාලක) ඉසව්වෙන් චතුර දූලංජන ජයතිස්ස, මීටර 1500  (බාලිකා) ඉසව්වෙන් සංදීපා ගිම්හානී, තුන් පිම්ම (බාලිකා) ඉසව්වෙන් දිලිනි නෙත්සලා රාජපක්ෂයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකා කායා දළුවත්ත ගොල්ෆ් (බාලිකා) කේවල ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමෙන් ශ්‍රී ලංකාවට ගෞරව ගෙන දුන්නාය. මෙම ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩා ඉසව් 13 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 100 දෙනෙක් සහභාගි කර සිටිති.ක්‍රීඩා උළෙල ඔක්තෝබර් 19 වැනිදා ආරම්භ වූ අතර ලබන සිකුරාදා (31) එය නිමාවට පත් වේ.

 


අදහස් (0)

ශ්‍රී ලංකාව මලල ක්‍රීඩා පදක්කම් හයක් දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.