Last Update  :  2025-08-28 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics විශ්වවිද්‍යාල මලල ක්‍රීඩා ශූරතාව ජපුරට

විශ්වවිද්‍යාල මලල ක්‍රීඩා ශූරතාව ජපුරට

editorial - 2025 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙලේ  (2025) මලල ක්‍රීඩා සමස්ත ශූරතාව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව ව්ද්‍යාලය විසින් දිනා ගන්නා ලදී.ඒ කාන්තා ශූරතාව හා පිරිමි අනුශූරතාව හිමි කර ගනිමිනි.

රජරට විශ්ව විද්‍යාලයේ සත්කාරකත්වයෙන් මෙම මලල ක්‍රීඩා තරගාවලිය දියගම මහින්ද රාජපක්ෂ පිටියේදී පැවැත්විණි.මෙවර කාන්තා අනුශූරතාව කැළණිය විශ්ව විද්‍යාලයටත් තෙවැනි ස්ථානය සබරගමුව විශ්ව විද්‍යාලයටත් හිමි විය.

මලල ක්‍රීඩා පිරිමි ශූරතාව මෙවර දිනා ගත්තේ සබරගමුව විශ්ව විද්‍යාලය ව්සිනි.එහි අනුශූරතාව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලටත් තෙවැනි ස්ථානය මොරටුව විශ්ව විද්‍යාලයටත් හිමි විය.

ඒ අනුව මලල ක්‍රීඩා සමස්ත අනුශූරතාව හිමි කර ගැනීමට සබරගමුව විශ්ව විද්‍යාලය සමත් වන අතර එහි තෙවැනි ස්ථානය අත් කර ගත්තේ කැළණිය විශ්ව විද්‍යාලයයි.

  • 223

අදහස් (0)

විශ්වවිද්‍යාල මලල ක්‍රීඩා ශූරතාව ජපුරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.