
නාමල් පතිරගේ
දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේදී පැවැති ජාතික මලල ක්රීඩා දෙවැනි තේරීම් තරගාවලියේදී යුද හමුදා ක්රීඩක අරුන්තවරාසා පුවන්තිරන් රිටි පැනීම (පිරිමි) ඉසව්වෙන් මීටර 5.20 ක දක්ෂතාවයක් දක්වමින් එහි ශ්රී ලංකා වාර්තාව නැවැත වතාවක් තහවුරු කර ගැනීමට සමත් විය.
එහි විශේෂත්වය රිටි පැනීමේ පිරිමි ඉසව්වේ මීට පෙර ඔහු විසින්ම මීටර 5.18 කට පිහිටුවා තිබූ ශ්රී ලංකා වාර්තාව එහිදී බිද දැමීමට සමත් වීමයි.පුවිතරන් යුද හමුදාවේ විදුලි හා කාර්මික ඉංජිනේරු සේවා බලකායේ ලාන්ස් කෝප්රල්වරයෙක් ලෙස සේවය කරයි.
අවසන් වරට ඔහු මෙම ක්රීඩාංගණයේදී පැවැති 2025 යුද හමුදා මලල ක්රීඩා තරගාවලියේදී මීටර 5.18 කට
රිටි පැනීම (පිරිමි) ඉසව්වේ ශ්රී ලංකා වාර්තාව පිහිටුවා තිබුණි.ඒ පසුගිය අගෝස්තු 19 වැනිදාය.
මෙම වසරට නියමිත ආසියානු ක්රීඩා උළෙල හා පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙල ඉලක්ක කරමින් දියගමදී බදාදා (13)ආරම්භ විය.එහෙත් වර්ෂාව හේතුවෙන් සෙනසුරාදා (16) දක්වා ඇදී ගිය තරගාවලියේ කෙටි ධාවන ඉසව් කීපයක් අදත් (18) දියගමදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මේ අතර මෙම තේරීම් තරගාවලියේදී මීටර 400 (පිරිමි) ඉසව්වේ තත්පර 45.26 ක දක්ෂතාවයක් දැක්වූ ජේය්යෂ්ඨ ක්රීඩක 34 හැවිරිදි කාලිංග කුමාරගේ ජපානයේ අයිචි නුවරදී සැප්තැම්බර් 24 වැනිදා ආරම්භ වන 20 වැනි ආසියානු ක්රීඩා උළෙලට එම ඉසව්වෙන් නිර්දේෂ ලබා ගැනීමට සමත්ව සිටීම කැපී පෙනේ.
මේ අතර මෙරට දැනටත් සක්රීය ජේය්යෂ්ඨතම මලල ක්රීඩිකාව ලෙස සැළකිය හැකි හෙල්ල විසි කිරීමේ ක්රීඩිකා 39 හැවිරිදි නදීෂා දිල්හානී ලේකම්ගේ මීටර 58.57 ක දක්ෂතාවයක් කාන්තා ඉසව්වේ පළ කරමින් ආසියානු ක්රීඩා උලෙළට නිර්දේෂ ලබා ගැනීමට සමත් වූවාය.
දිල්හානී ලේකම්ගේ පැරිස් ඔලිම්පික් උළෙලේ (2024) ශ්රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් ආසියානු ක්රීඩා රිදී පදක්කමක් ඇතුළුව ආසියානු ශූරතා, ආසියානු විසි කිරීමේ ශූරතා දකුණු ආසියානු ක්රීඩා හා දකුණු ආසියානු ශූරතා රන් පදක්කම් දෙකක් රිදී පදපදක්කම් දෙකක්, හා ලෝකඩ පදක්කම් දෙකක් දිනා ඇති ක්රීඩිකාවකි.ඉසව්වේ ඇගේ මෙතෙක් හොදම දක්ෂතාවය මීටර 61.57 කි.ඇය වසර 17 කට පසුව ආසියානු ක්රීඩා උළෙලකදී (2023) ශ්රී ලංකාවට හෙල්ල ව්සිී කිරීමේ ඉසව්වකින් රිදී පදක්කමක් දිනා දුන් පළමු ශ්රී ලාංකිකයායි.
මීටර 400 (කාන්තා) ඉසව්ව පළපුරුදු ක්රීඩිකා නදීෂා රාමනායක පරාජයට පත් කරමින් තත්පර 53.71 කට ජය ගැනීමට සමත්වීමත් කැපී පෙණුනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.