Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මලල ක්‍රීඩා සභාපති ධූරයට සුනිල් ගුණවර්ධන ?

මලල ක්‍රීඩා සභාපති ධූරයට සුනිල් ගුණවර්ධන ?

editorial - 2025 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ලබන අගෝස්තු 18 වැනිදාට පෙර පවත්වා අවසන් කළ යුතු ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණයේදී (2025 - 27) සභාපති ධූරයට ඉදිරිපත්වීමට එහි හිටපු සභාපතිවරයකු වන ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරු සුනිල් ගුණවර්ධන මහතා කැමැත්ත පළ කර ඇතැයි වාර්තාවේ.

වසර 2000 - 01 කාල සීමාවේදී මීට පෙර ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති ධූරය දැරූ ගූණවර්ධන මහතා එහිදී නිතරග පත්වීමකට කැමැත්ත පළ කර ඇතැයිද වැඩිදුරටත් වාර්තාවේ.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ මීළග නිලවරණය සැලසුම් කෙරෙන එහි විශේෂ මහ සහා රැස්වීමක් මෙම මස 30 වැනිදා පෙරවරු 10 ට ටොරිංටන් ක්‍රීඩා වෛද්‍ය විද්‍යාතන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.ඒ සදහා එහි අනු සංගම් 39 ක් කැඳවීම් ලබා තිබේ.     

එහිදී නව ක්‍රීඩා රෙගුලාසි වලට අනුකූලව නිලවරණය කැඳවීම සම්බන්ධයෙන් සාමාජිකත්වය දැනුවත් කිරීමට කටයුතු යොදා තිබේ.මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශය දැනුම්දී ඇත්තේ  මෙම වසරට කැඳවීමට නියමිත ජාතික ක්‍රීඩා සංගම්හි නිලවරණ ලබන අගෝස්තු 18 වැනිදාට පෙර නව ක්‍රීඩා  රෙගුලාසි වලට අනුකූලව පවත්වා අවසන් කළ යුතු බවයි.

මලල ක්‍රීඩා සභාපති ධූරයට යෝජනා වී සිටින හිටපු ආසියානු ශූරතා රන් පදක්කම්ලාභීයකු ද වන සුනිල් ගුණවර්ධන මහතා මීට පෙර එහි සභාපති ධූරය දැරූ සමය මෙරට මලල ක්‍රීඩාවේ ඉහළම ජාත්‍යන්තර ජයග්‍රහණ අත් කර ගත් ස්වර්ණමය කාලසීමාවක් ලෙස සැලකේ.එහිදී ඔහු එකල ක්‍රීඩා ඇමැති ධූරය හෙබවූ එස්.බී දිසානායක මහතාගේ ප්‍රධාන උපදේශකවරයා ලෙසත් කටයුතු කළේය.

වරක් ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු ධූරයටද නිර්දේශ වූ ගුණවර්ධන මහතා ආසියාවේ නම රැන්දූ සුපිරිතම කෙටි ධාවන ශූරියක් වූ දමයන්ති දර්ශා ඇතුළු ඉහළම ජාත්‍යන්තර පදක්කම් දිනූ මෙරට නම ගිය හිටපු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ පෞද්ගලික පුහුණුකරු ලෙස කටයුතු කර ඇත.

 


අදහස් (0)

මලල ක්‍රීඩා සභාපති ධූරයට සුනිල් ගුණවර්ධන ?

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.