Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ අනුකමිටු 11ක් පත් කිරීමේදී කාන්තා කටයුතු බාර කමිටුවේ සභාපතිනිය ලෙස හිටපු කෙටි ධාවන ශූරි කේ.ඒ. දමයන්ති දර්ශා මහත්මිය පත්කර තිබේ.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා වසර 2021-25 නිල කාල සීමාවේ කටයුතු පවත්වාගෙන යාම සඳහා එහි අනු කමිටු 11ක තනතුරු අලුතෙන් පිරවීමේදී දිස්ත්‍රික් සම්බන්ධීකරණ හා සංවර්ධන උප කමිටුවේ සභාපතිධුරය මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා බාරයේම තබා ගැනීමට තීරණය වී තිබේ.
කාන්තා කටයුතු බාර කමිටුවේ ප්‍රධානියා ලෙස පත්වූ දමයන්ති දර්ශා මලල ක්‍රීඩා සංගමයේ පැවැති නිලවරණයේදී (2021-25) වැඩි ඡන්දයෙන් උප සභාපති ධුරයකට පත්වීමට සමත් වූවාය. ඇය ඔලිම්පික් ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ සංගමයේ ලේකම්වරිය ලෙසත් දැනටමත් කටයුතු කරයි.
උප කමිටු කීපයකම සභාපති ධුරයේ වෙනක් කර නොමැති අතර ඒ අනුව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා නිල දත්ත සටහන්කරු සමන් කුමාර ගුණවර්ධන මහතාද තවදුරටත් දත්ත සටහන්, වාර්තා සටහන් කමිටුවේ ප්‍රධානියා ලෙස පත්කර තිබේ.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා අනු කමිටු ප්‍රධානියෝ
තරග කමිටුව - පාලිත ජයතිලක මහතා
පහසුකම් හා ක්‍රීඩාංගන බාර කමිටුව - ජගත් ඥනසිරි සිල්වා මහතා
පුහුණු හා අභ්‍යාස කමිටුව - ලාල් චන්ද්‍ර කුමාර මහතා
දිස්ත්‍රික් සවර්ධන කමිටුව - මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා
ව්‍යවස්ථා හා ඇගයීම් කමිටුව - අජිත් නාරගල මහතා
කාන්තා කටයුතු කමිටුව - කේ.වී. දමයන්ති දර්ශා මහත්මිය
තාක්ෂණ හා මාධ්‍ය කමිටුව - ජී.එල්.එස්. පෙරේරා මහතා
විනය කටයුතු හා උතුරු නැගෙනහිර ප්‍රවර්ධන කමිටුව - චන්දන ඒකනායක මහතා
දත්ත විශ්ලේෂණ කමිටුව - සමන් කුමාර ගුණවර්ධන මහතා
මූල්‍ය හා අනුග්‍රාහක කමිටුව - ප්‍රසන්න ඉන්දික මහතා
පාසල් මලල ක්‍රීඩා ප්‍රවර්ධන කමිටුව - උපාලි අමරතුංග මහතා
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.