(නාමල් පතිරගේ)
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා අර්ධ මැරතන් තරගාවලියේ බාලක ඉසව්වේ ජය රත්නපුරය විද්‍යාරාජ විදුහලේ පී.ඒ.ඩී.ජී. පෙරමුණේ ද, බාලිකා ඉසව්වේ ජය වැලිමඩ ශ්‍රී දේවානන්ද මධ්‍ය මහා විදුහලේ රංගධාරි කුමාරසිංහට ද හිමි වූහ.
ගාල්ලේදී තරගාවලිය පැවති අතර කිලෝමීටර 21ක් දුරැති මෙම අර්ධ මැරතන් තරගාවලියට පළාත් මට්ටමින් නිර්දේශ ලබාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 300 දෙනෙක් සහභාගි වූහ.
සමගාමීව පැවැති කිලෝමීටර් 5ක් දුරැති ප්‍රදර්ශන මාර්ග ධාවන තරග ඉසව්වට බාලක බාලිකාවෝ 1200 දෙනෙක් සහභාගි වූහ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අංශය සංවිධානය කළ තරාගවලියට නෙස්ලේ ලංකා සමාගම නෙස්ටමෝල්ඩ් සන්නාමය යටතේ අනුග්‍රහය දැක්වීය.
තරග ප්‍රතිඵල
(අර්ධ මැරතන් ඉසව්ව කිලෝමීටර 21)
• බාලක:- 1. පී.ඒ.ඩී.ජී. පෙරමුණේ (රත්නපුරය විද්‍යාරාජ 2. එස්. කිරාන් (කිලිනොච්චිය මුලන්කාවිල් මධ්‍ය මහ විදුහල) 3. ලසිත ප්‍රදීප් (ඌව උක්පිටිය මැදි විදුහල)
• බාලිකා:- 1. රංගධාරි කුමාරසිංහ (වැලිමඩ ශ්‍රී දේවනන්ද මැදි විදුහල) 2. චමිලා සිරිවර්ධන (මොනරාගල සේනාපති මැදි විදුහල) 3. පබෝධා ඉමාශනී (වැලිමඩ මැදි විදුහල)
(මාර්ග ධාවන ඉසව්ව - කිලෝමීටර 5)
• (බාලක):- 1. කවිඳු මධුෂාන් (කඹුරාවල ජාතික පාසල) 2. ඒ.ඒ. කල්හාර (වලගෙදර මැදි විදුහල) 3. මළිඳු ප්‍රබාහාන්ජන (වලගෙදර මැදි විදුහල)
• (බාලිකා):- 1. කේ.වයි. චමින්දි (මාකඳුර මැදි විදුහල) 2. තරුෂි උදාර (මතුගම ආනන්ද ශාස්ත්‍රාලය) 3. සමින්දි සවින්ද්‍යා (ජාඇල නිමල මරියා පාසල)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.