Last Update  :  2025-05-12 20:59:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics නිලධාරීන් දෙදෙනාගේ තහනම ඉවතට

නිලධාරීන් දෙදෙනාගේ තහනම ඉවතට

නාමල් පතිරගේ - 2019 ඔක් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලධාරීන් පිරිසකට එරෙහිව අසත්‍ය චෝදනා නගමින් රහස් පොලිසියට ලිපියක් යැවීමේ චෝදනා මත තාවකාලික තහනමක් පැනවූ නිලධාරීන් දෙදෙනාගේ එම තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ කවුන්සිල රැස්වීමේදී තීරණය වී තිබේ.
 
කෙසේ වුවත් එම චෝදනාව සම්බන්ධයෙන් ඒ සඳහා විශේෂයෙන් පත් කළ කමිටුව තවදුරටත් විමර්ශනය කරන අතර ඔවුන්ගේ තහනම ඉවත් කර තිබේ.
 
පාපන්දු සම්මේලනයේ උප සභාපති, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති උපාලි හේවගේ මහතාගේ සහභාගීත්වයෙන් යුත් කමිටුවක් මගින් එම විමර්ශනය සිදු කරයි. අශෝක නැව්ගලගේ හා හර්ලි සිල්වේරා යන මහත්වරුද එම කමිටුවේ සෙසු සාමාජිකයෝ ලෙස කටයුතු කරති.

අසත්‍ය චෝදනා නැගීමේ ලිපිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින්නේ පාපන්දු සම්මේලනයට හා ඍජුව සම්බන්ධ වෙමින් කටයුතු කරන පුහුණුකරුවෙකු හා පිට පළාත් පාපන්දු ලීගයක ලේකම්වරයෙකි.
 
මෙම මතභේදයට තුඩුදුන් ලිපිය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කර ඊට සම්බන්ධ වූවන් හෙළිකරන ලෙස ඉන් අගතියට පත්වූ බව කියන පාපන්දු සම්මේලනයේ නිලධාරීන් එහි සභාපතිවරයාගෙන් ඉල්ලා තිබුණි.


අදහස් (0)

නිලධාරීන් දෙදෙනාගේ තහනම ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.