Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
මේ දිනවල සවුදි අරාබියේදී පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇතැම් නිලධාරීන්ගේ වගකීම් විරහිත ක්‍රියා කලාපය හේතුවෙන් ශ්‍රී ලංකාවට හිමිවීමට තිබූ පදක්කම් අහිමිවී ඇතැයි ක්‍රීඩා විචාරකයෝ චෝදනා නගති.
ඒ එම තරගාවලියේ කාන්තා මීටර් 1500 ඉසව්වේ අවසන් තරගයට සහභාගි වීමට නියමිතව සිටි නිදුකි ප්‍රාර්ථනා සහ අයේෂා සෙව්වන්දි නියමිත වේලාවට තරග ආරම්භක මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලධාරීන් අසමත් වීම හේතුවෙනි.
විනාඩි 4 යි, තත්පර 58.35 කින් තරගය නිමා කළ චීන ක්‍රීඩිකා සැන්ග් යක්ෂි උක්ත ඉසව්වේ රන් පදක්කම දිනාගත් අතර රිදී පදක්කම ලෙබනනයේ සාමා මුස්තාෆා විසින්ද, ලෝකඩ පදක්කම උස්බැකිස්තානයේ මර්ජෝනා සයිදුල්ලේවා විසින්ද දිනාගනු ලැබූහ. එහිදී සාමාගේ තරග නිමි කාලය විනාඩි 4:58.82 ක් ලෙසද, මර්ජෝනාගේ තරග නිමි කාලය විනාඩි 4:59.85 ක් ලෙසද සටහන් විය.
කෙසේ වුවත් මෙම ඉසව්වට සහභාගි වීමට නියමිතව සිටි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනා වූ නිදුකි ප්‍රාර්ථනාගේ සහ අයේෂා සෙව්වන්දිගේ එතෙක් හොඳම තරග නිමි කාලයන් ලෙස සටහන් වන්නේ පිළිවෙලින් විනාඩි 4:41.89 ක් සහ විනාඩි 4:43.41 කි. එබැවින් ඔවුන් දෙදෙනා මෙම තරගයට සහභාගි වූවා නම් බොහෝ දුරට ශ්‍රී ලංකාවට අවම වශයෙන් තවත් පදක්කමක් හෝ දිනාගැනීමට අවස්ථාව තිබූ බව ක්‍රීඩා විචාරකයන්ගේ මතය වී තිබේ.
තවමත් 17 වැනි වියේ පසුවන නිදුකි සහ අයේෂා ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වීම සඳහා සුදුසුකම් ලබාගත්තේ ඉකුත් මාර්තු මාස 9 වැනිදා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති තේරීම් තරගාවලියේදී කාන්තා මීටර් 1500 ඉසව්ව සඳහා ඉහත සඳහන් ඔවුන්ගේ හොඳම තරග නිමි කාලයන් වාර්තා කරමිනි.
නිදුකි ප්‍රාර්ථනා පුත්තලම දිස්ත්‍රික්කයේ මුන්ඩෙල්හි පිටිහි බරනන්කට්ටුව කනිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍යාවක වන අතර අයේෂා සෙව්වන්දි හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව පිහිටි නැමදගස්වැව මහ විද්‍යාලයේ ශිෂ්‍යාවකි. උක්ත තරගයට සහභාගි වූ ක්‍රීඩාකාවන් 8 දෙනා තරගයට පෙර දක්වා තිබූ හොඳම පෞද්ගලික දක්ෂතා අනුව ගත් කළ නිදුකි දෙවැනි ස්ථානයේද, අයේෂා තෙවැනි ස්ථානයේද පසුවූහ.
මෙම ක්‍රීඩිකාවන් දෙදෙනාගේම පළමු විදෙස් තරග සංචාරය මෙය වූ නමුත් ඔවුන්ගේ පෞද්ගලික දක්ෂාතා අනුව මෙම තරගාවලියේදී ඔවුන් පදක්කම් දිනාගනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු රඳවාගෙන සිටි බව මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙකු ‘ලංකාදීප’යට කියා සිටියේය.
ප්‍රවීන මලල ක්‍රීඩා පුහුණුකරුවන් වන සුජිත් අබේසේකර මහතා අයේෂාගේ පුහුණුකරු ලෙසත්, මධුර පෙරේරා මහතා නිදුකිගේ පුහුණුකරු ලෙසත් කටයුතු කරන අතර ඔවුන් දෙදෙනාගෙන් කිසිවකුට මෙම තරග සංචාරය සඳහා සහභාගි වීමට අවස්ථාවක් ලැබී නොමැත.
මීටර් 800 කාන්තා ඉසව්වට සහභාගි වූ තරුෂි අභිෂේකාගේ පුහුණුකරුවන බුද්ධික නුවන් මහතා මෙම තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටි එකම මැදි දුර පුහුණුකරුවා වන අතර කණ්ඩායමේ කලමණාකරු ලෙස විශ්‍රාමලත් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එන්.ඒ.ටී. ජයසිංහ මහතා කටයුතු කරයි.
අනුරාධ නානායක්කාර මහතා සහ එන්දික ඇටිපොල මහතා මෙම තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු පුහුණුකරුවන් ලෙස කටයුතු කරන අතර ලක්නා වරාවිට මහත්මිය ක්‍රීඩිකාවන් භාර නිලධාරිණිය ලෙස කණ්ඩායමට එක්ව සිටින්නීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.